Monday 14 November 2011

මේ බඩ ඉරිඟු වර්ග කාල තියෙනවද....?


මං බඩ ඉරිඟු කන්න හරිම ආසයි.කොහේ හරි ඇවිදින්න ගියාම දැක්කොත් ගන්නවාමයි. ඒ උනාට මං මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නෑ මේ වගේ බඩ ඉරිඟු වර්ග හතක් තියෙනවා කියලා.විශේෂයෙන්ම මේ පාට පාට ඒවා. ඔන්න බලන්නකො ඔයාලත් කලින් කාල දැකල තියෙනවද කියල මේවා...
1.    Dent Corn

මේ බඩ ඉරිඟු වර්ගයට නම ලැබිල තියෙන්නෙ  ඒවයෙ ඇටවල තියෙන විශේෂ නැම්ම නිසාය කියල කියනවා. මේ ජාතිය තමයි ලෝකෙ වැඩිපුරම වගා කරනවය කියන්නෙ. 

2.    Flint Corn

මේවයෙ ඇට තදයි වගේම මතුපිට හරි සිනිඳුයිලු... ඒවයෙ ඇතුල පිරිල තියෙන්නෙ හරි මෙලෙක පිටි වලින් කියලයි කියන්නෙ...
3.    Popcorn

මේ වර්ගය ගැන නම් ඉතින් හැමෝම දන්නව වගේම රස විඳලත් තියෙනවනෙ. මේවා නම් ප්‍රධාන වශයෙන්ම වවන්නෙ මිනිස්සුන්ට කන්න. රත්වෙන කොට 'පොප්' සද්දෙන් පිපිරෙන හින්ද තමයි නම වැටිල තියෙන්නෙ.
4.    Flour Corn


හරිම ලස්සනයි නේද, පාට පාට... මේවායෙ ඇට පිටිවලින් පිරිල තියෙන හින්දා හොඳට රවුමට නැම්මක් නැතිව තියෙනවලු. මේක ගොඩක් පරණ වර්ගයක් නිසා දැන් ඒතරම් වවන්නෙ නැතිලු. ඒ වගේම පැරණි ඇස්ටෙක්වරුන්ගෙයි ඉන්කාවරුන්ගෙයි සොහොන්වලින් මේ ඉරිඟු වර්ගය හමු වූ බවකුයි කියන්නෙ. මේවයෙ ඇට හරිම මෘදු හින්දා තමයි පිටිවලට පාවිච්චි කරල තියෙන්නෙ.
5.    Waxy Corn


මේවයෙ ඇට ඉටිවලින් හදපුව වගේ පේන හින්දලු නම වැටිල තියෙන්නෙ. රසායන විද්‍යාත්මකව මේවයෙ තියෙන පිටි වර්ගය අනිත් ඉරිඟු ජාතිවල තියෙන පිටි වර්ගයට වඩා වෙනස්ලු. ඉතාමත්ම අඩුවෙන්ලු වගා කරන්නෙ.
6.    Sweet Corn
මේවයෙ ඇට මෝරන්න ඉස්සෙල්ලා සම්පූර්ණයෙන්ම පාහේ විනිවිද පේනවලු. මෙ වර්ගය අමුවෙන් කන්න පුළුවන් වගේම ටින්වල දාල අහුරලා කල් තියාගන්නත් පුළුවන්.

7.    Podcorn

මේ වර්ගය මහා පරිමාණයෙන් වවන වර්ගයක් නෙවෙයි. මේව යොදාගන්නව කියන්නෙ ඉරිඟු ගැන පරීක්ෂණ පවත්වන්න.

අන්තර්ජාලය ඇසුරෙනි.

7 comments:

  1. මෙච්චර කල් හිතන් උන්නෙ එක බඩ ඉරිඟුවකින් තමයි පොප් කෝනුයි, පිටි, ස්වීට් කෝනුයි ඔක්කොම සෙල්ලං දාන්නෙ කියල!

    ReplyDelete
  2. මමත් දැනගෙන හිටියෙ නෑනෙ ඉන්දික. ඒකමයි මේ ගැන දාන්න හිතුවෙත්. අර පාට පාට ඒවා.. නිල් පාට පවා. ලස්සන බලන්නකෝ.

    අනේ බොහොම ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට. මං හිතුවෙ මටම කමෙන්ට් දාගන්න වෙයි කියලා. :)

    ReplyDelete
  3. කමෙන්ට් ගැන හිතන්න එපා සහෝදරී. ඔයා blog Promo එකට දාගන්න. සින්ඩි වලටත් දාගන්න. එතකොට මීට වඩා අය බලන්න ඒවි...

    මමත් ඉන්දික වගේම පැටලුම් ඇර ගත්තේ මේක කියවලා තමා. ස්තුතියි දැනුවත් කිරීමට... ඔහොම යං

    ReplyDelete
  4. ඔයාල මේකෙන් වැඩක් ගත්තු එක ගැන මට සන්තෝසයි. බොහොම ස්තුතියි මල්ලි. සින්ඩියට දැම්මා. ඇතුලත් කරගත්ත කියලත් ආවා. ඒත් පෝස්ට් එක එකතු කරන්න ගියාම මැසේජ් එකක් එනව ඔබේ වෙබ් අඩවිය තවම සක්‍රිය කර නැත කියලා.

    blog promo කියන්නෙ මොකක්ද මල්ලි? කරදරයක් නැත්නම් ලින්ක් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
  5. කොත්තු, හත්මාළුව වගේ අනික් සින්ඩි වලටත් දාන්න.

    ReplyDelete
  6. බොහොම ස්තුතියි මල්ලි. ට්‍රයි එකක් දීල බලන්නම්කො.

    ReplyDelete
  7. ස්වීට් කෝන් නම් කාල තියනව.ඒත් අපේ රටේ එක තරම් රහ නෑ..හෙන පැනි රහයි

    ReplyDelete