Monday 10 June 2019

සති අන්තයේ පවුල සමග සතුට සොයා යමු....

Related image


පොඩි ළමයි ඉන්නකොට සති අන්තයක් කියන්නෙ බොහෝ දෙනාට මහා අවුල් ජාලයක්. ඒත් කරලා ඉවර කරන්න ඕන වැඩ දහසක් ගොඩ ගැහිලා. ඒ වැඩ අස්සෙ පැටවුන්ව අමතක කරලත් බෑ. එයාලත් එක්ක කාලය ගත කරන්න වැඩට යන දෙමව්පියන්ට ලැබෙන හොඳම අවස්ථාවත් මේක. මොකද කරන්නෙ?


Friday 2 March 2012

SHAGGY - IT WASNT ME

මේ සින්දුව සෑහෙන පරණ එකක්. ඒත් මේක මම අදටත් රස විඳින ගීයක්. කවදාවත් බෝරිං වුනේ නැහැ. බලන්නකෝ ඔබටත් රස විඳින්න පුළුවන් වෙයිද කියලා. නියම යාළුවෙකුයි, උපදෙස් ටිකකුයි :D.  ඔන්න මම සින්දුවේ වචන ටිකත් පහතින් දැම්මා.




Friday 24 February 2012

Brokeback Mountain; The Movie


මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක විතරයි. ඒ නිසා මේක මම බැලුවෙ තනිවම, විචාරකයෙක්වත් අදහස් හුවමාරු කරගන්න කෙනෙක්වත් නැතුව. ඒ නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේවත් මේ ගැන ලියලා බලන්න ඕන කියලා. කවුරු හරි මේක නැරඹූ කෙනෙක් ඉන්නවා නම් මට දැනුනු දේ එයාලටත් දැනුනද කියල බලන්න. එහෙම නැත්නම් වෙනස් විදියකට දැනුනද කියල බලන්න.

Thursday 16 February 2012

INXS - Never Tear Us Apart........



මේ සින්දුව ඕස්ට්‍රේලියානු රොක් සංගීත් කණ්ඩායමක් වන INXS විසින් 1988 අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද්දක්. මේ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා Michael Hutchence. ඔහු මොනතරම් දක්ෂ, ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගෙ ජීවිතය එකම ඛේදවාචකයක්. මේ ගීතයේ මුලින්ම රචනා කරල තියෙන්නෙ සංගීතය. Andrew Farriss තමන් රචනා කළ සංගීතය ඩිමෝ එකක් විදියට පටිගත කරලා මයිකල්ට භාරදීලා තියෙනවා. අන්තිමේදි මයිකල් අතින් තමයි මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ. ඒ කාලයේ මයිකල්ගෙ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දිහා බලනකොට හොඳට පේනවා එයා මේ සින්දුව ලියල තියෙන්නෙ තමන්ගෙ හදවතින්මයි කියලා.

Saturday 11 February 2012

Ice Spikes...

ඔන්න එහෙනම් මේ සැරේ බලන්නකො තවත් අයිස්වලින් නිර්මාණය වුනු දෙයක්...

Saturday 4 February 2012

මිදුනු දිය ඇලි........

ඔයාල කවදාවත් දැකල තියෙනවද ශීත කාලෙ දැඩි සීතලට ගල් වෙලා ගිය දිය ඇලි?

Saturday 28 January 2012

Adele - Rolling in the Deep

මා වගේම බටහිර සිංදු ප්‍රිය කරන ඔබටයි මේ......

Wednesday 18 January 2012

ගෙවල් දෙකක වෙනස....

පසුගිය කාර්ය බහුල දිනවලම යම් යම් අවශ්‍යතා සඳහා මට මගේ යෙහෙළියන් දෙදෙනෙකුගේ නිවෙස්වලට යන්නට සිදු වුණා. ඒ එක් නිවෙසක් මට සුපුරුදු ස්ථානයක්. නමුත් අනිත් යෙහෙළියගේ නිවෙසට මම ගියේ පළමු වතාවට. ඇත්තටම මට ලොකු වෙනසක් දැනුනා. ඒ දැනුනු දේ නිසා මේක ඔයාලටත් කියලා ඔයාලගෙ අදහසුත් දැනගන්න බ්ලොග් එකට ලියනවා කියලයි එදාම හිතාගත්තෙ.

Monday 2 January 2012

ඇයි මේ සමහරු ජීවිතේ බොහොම පුංචි දේවල් සංකීර්ණ කරගන්නෙ....?


මට මේ සිදුවීම ලියන්න හිතුනෙ පහුගිය දෙසැම්බර් 31 වෙනිදා සිදුවුනු පුංචි  දෙයක් හින්දා.

Friday 16 December 2011

ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි සෙබස්තියන්


Guy Theodore Sebastian.....ඔයාල අහල නැති වෙන්න බෑ මේ ගායකයා ගැන... විශේෂයෙන්ම කැන්ගරු දේශයෙ ඉන්න කට්ටිය. ඒත් කී දෙනක් දන්නවද මෙයා තාත්තාගෙ පැත්තෙන් ශ්‍රී ලාංකික සම්භවයක් තියෙන කෙනෙක් බව.

Tuesday 13 December 2011

Machu Picchu, Peru..........


ඉන්කාවරුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන මේ කන්ද පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමින් අඩි 7000කට වඩා උසින් අන්දීස් කඳු වැටියත් Urabamba Valley කියන ස්ථානයත් අතර වර්ග සැතපුම් 5ක් පමණ ප්‍රදෙශයක.

Sunday 11 December 2011

Hollywood.......


කැලිෆෝනියාවෙ ලොස් ඇන්ජලීස් නුවර තියෙන කැපී පෙනෙන සළකුනක් විදියට පෙන්වන්න පුළුවන් දෙයක් තමයි මේ හොලිවුඩ් සළකුන. අද වෙනකොට ලෝකෙ බොහෝ දෙනෙකුට මේක දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. ඒ උනාට 1923දී  මේ අකුරු ටික නිකම්ම නිකම් වෙළඳ දැන්වීමක් විතරයි කියල ඔබ දන්නවද?