මේ සින්දුව ඕස්ට්‍රේලියානු රොක් සංගීත් කණ්ඩායමක් වන INXS විසින් 1988 අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද්දක්. මේ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා Michael Hutchence. ඔහු මොනතරම් දක්ෂ, ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගෙ ජීවිතය එකම ඛේදවාචකයක්. මේ ගීතයේ මුලින්ම රචනා කරල තියෙන්නෙ සංගීතය. Andrew Farriss තමන් රචනා කළ සංගීතය ඩිමෝ එකක් විදියට පටිගත කරලා මයිකල්ට භාරදීලා තියෙනවා. අන්තිමේදි මයිකල් අතින් තමයි මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ. ඒ කාලයේ මයිකල්ගෙ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දිහා බලනකොට හොඳට පේනවා එයා මේ සින්දුව ලියල තියෙන්නෙ තමන්ගෙ හදවතින්මයි කියලා.
මම මේ සින්දුවේ ආසම අර ඉන්ස්ටෘමන්ට් බ්‍රේක් වලදි ඇතිවෙන නිහඬතාවයට පස්සෙ ආයෙම මියුසික් පටන් ගන්න විදියට. මට හරිම අමුතු ගුප්ත බවක් දැනෙනවා ඒකෙ. ඒ වගේම සින්දුවේ අවසාන කොටසෙදි ඇහෙන සැක්සපෝන් වාදනයටත් මම හරිම කැමතියි.
1997 නොවැම්බර් 22 සිදුවුනු මයිකල්ගෙ ඛේදජනක මරණයෙන් පසුව INXS සංගීත කණඩායමේ ඉතුරු සාමාජිකයන් විසින් ඔහුගෙ දේහය පල්ලියෙන් ඉවතට ගනිද්දි පසුබිමින් වාදනය කරලා තියෙන්නෙ මේ සින්දුව.
මේ 1988 දි මයිකල් හචන්ස් විසින් එම ගීතය සජීවීව ගායනා කරපු අවස්ථාවක්....
මේක ඔරිජිනල් එක. මම අර කියපු දේවල් නියම විදියට රස විඳින්න පුළුවන් මේකෙන්. ඒත් මොනවා හරි හේතුවක් මත ඔයාලට මේ වීඩියෝ එක බලන්න වෙන්නෙ මේක ක්ලික් කළාම එන යූ ටියුබ් ලින්ක් එකෙන් ගිහිල්ලායි. ඒකට නම් සමාවෙන්න ඕන.
සින්දුව අදයි ඇහුවේ..ස්තුතියි අක්කේ..ඔයාගේ පොස්ට් එකට..
ReplyDeleteවෙනදා වගේම ඔයාටත් ස්තුතියි අසරණයෝ. ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට.
Deleteලස්සන සිංදුවක්...
ReplyDeleteබොහොම ස්තුතියි දිනේෂ් සින්දුව ඇහුවට.
Delete