ඉන්කාවරුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන මේ කන්ද පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමින් අඩි 7000කට වඩා උසින් අන්දීස් කඳු වැටියත් Urabamba Valley කියන ස්ථානයත් අතර වර්ග සැතපුම් 5ක් පමණ ප්‍රදෙශයක.
මේ තියෙන්නෙ මෙම ස්ථානයට යන පාර. අපූරුයි නේද...
ඉන්කාවරුන් විසින් ගොඩනගන ලද මෙම ගොඩනැගිලි සම්බන්ධයෙන් කිසිවක් කිසිවෙකු දැනගෙන හිටියෙ නැහැ 1911 දී Hiram Bingham කියන පුරාවිද්‍යාඥයා විසින් මේක සොයාගන්නා තෙක්. පුරාවිද්‍යාඥයන් අනුමාන කරනවා මෙම ප්‍රදේශයේ 1200 ක පමණ පිරිසක් ජීවත්වෙන්න ඇති කියලා. එහෙම උනත් එයාලගෙ තවත් තර්කයක් තමයි මේ ස්ථානය ඉන්කාවරුන්ගෙ පාලකයන් විසින් නිවාඩු නිකේතනයක් ලෙසට පාවිචි කරන්නට ඇති කියලා. අදාල ස්ථානය පීරු රටේ අනිත් ප්‍රදේශ වලින් වෙන්වෙලා තනිවෙච්චි තැනක් නිසා එතැන පූර්ණ කාලීනව මිනිස්සු ජීවත් වුණා නම්, ළඟම තියෙන ගම්මානයට ළඟාවෙන්නටත් විශාල දුරක් ගෙවාගෙන යන්නට වෙන නිසයි ඔවුන් එහෙම කියන්නෙ.
මෙම ස්ථානය, එහි ජීවත්වෙච්ච පුද්ගලයන්ගේ පහසුව සඳහා කෘෂිකාර්මික ප්‍රදේශ, මිනිස්සු ජීවත්වෙන ප්‍රදේශ සහ ආගමික කටයුතු කෙරෙන ස්ථාන වශයෙන් ප්‍රධාන කොටස් තුනකට වෙන් කරල තියෙනවාලු. කෘෂිකර්මාන්තය සඳහා අර ලංකාවෙ කඳුකර පළාත්වල කුඹුරු හදන හෙල් මළු ක්‍රමයට බිම සකස් කරගෙන තිබුණු බව පෙනෙන්නට තියෙනවා. ඒවායින් ලද අස්වැන්න මෙහි ජීවත් වූ මිනිස්සුන්ගේ පරිභෝජනයට ප්‍රමාණවත් වන්නට ඇතැයි සැලකෙනවා. ඒ වගේම තමයි ඒ කඳුවල තුබුණ ස්වභාවික ආනතිය ප්‍රයෝජනයට අරගෙන, නිම්නය හරහා ඉහළින් ජලය ගෙන යාමට කණු මතින් තනන ලද ජල මාර්ග තිබිලා තියෙනවා. මේ ජලය ලබාගෙන තියෙන්නෙ ප්‍රදේශයේ තිබුණ ස්වභාවික දිය ඇලි වලින්.
පහත් බිම්වල ජීවත්වෙලා තියෙන්නෙ ගොවියොයි, ගුරුවරුයි බව විශ්වාස කරන අතර වඩාත්ම වැදගත් ආගමික ස්ථාන කන්ද මුදුනට වෙන්නට අඩි දහස් ගණනක් පහතින් තියෙන Urabamba Valley ප්‍රදේශයට මුහුණ ලා පිහිටා තිබුණු බවට සාක්ෂි තියෙනවා. මෙහි තියෙන නටබුන් අතරෙ වැඳුම් පිදුම් කරපු ස්ථාන, මාළිගාවල්, නිවාස 150 ක් පමණ, නාන ස්ථාන, ගබඩා කාමර ආදිය බොහොම හොඳට ආරක්ෂා වෙලා තියෙනවා.
මේ ගොඩනැගිලි තනලා තියෙන්නෙ අළු පැහැති ග්‍රැනයිට් විශේෂයකින්. මේ සමහරක් ගල් ටොන් 50 කටත් වඩා බර වන අතර ඉතාමත් විශිෂ්ඨ අන්දමින් ඒවායින් ගොඩනැගිලි ඉදිකරලා තියෙනවා. මෙය ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ඨත්වය පෙන්වන නිර්මාණයක් ලෙසට සැලකෙනවා.
මෙන්න මේ ලින්ක් එකෙන් ඔබටත් මෙම ස්ථානයට virtual tour එකක් යන්න පුළුවන්.
Machu Picchu කියන එකේ තේරුම 'පැරණි ශිඛරය' කියන එකයි. මෙම ස්ථානය අද වෙනකොට ලෝක උරුමයන්ගෙන් එකක් හැටියට නම් කරලයි තියෙන්නෙ.
අන්තර්ජාලයෙනි.
මේ ඉන්කා වරු ලොවම මවිත වන දේවල් කරපු අය.. පේරු වලම තියෙන නස්කා ලයින්ස් කියන තැනත් ඒ වගේනේ..
ReplyDeleteකවදත් වාගේ අදත් හොඳ පොස්ට් එකක් තියෙනවා..ජයවේව!!
ReplyDeleteවටින විස්තරයක් ...
ReplyDeleteමේ නගරය තැනුවේ පුරාණ හෙලයන් කියලත් මතයක් තියෙනවා...
ReplyDeleteMachu Picchu කියන්නේ මාතා-පිතු කියන එකෙන් කැඩි ආ වචනයක් කියලා පැවසෙනවා...
චතුරංග
ReplyDeleteඔය කියන හෙළයො මොකද එහෙනං මේ නුවර එළිය පැත්තෙ ඔහොම තැනක් නොහැදුවෙ? ඔය සූරිය ගුණසේකරගෙ බයිල.
@ ඉන්දික :
ReplyDeleteබයිලත් වෙන්නැති... !
සීගිරිය හැදුවේ කාශ්‍යප රජ්ජුරුවන්ටත් කලින්. ඒක කලෙත් පේරු අය ද ?
එතකොට පෙට්ටගම් ගල ගැන ? පේරු වලින් මෙහේ ඇවිත් හදන්න ඇති... මගේ නොදන්නා කමට සමාවෙන්න !!!
@ Dinesh,
ReplyDeleteඔව් දිනේෂ්, හරි පුදුම හිතෙනව ඒ අයගෙ ඉතිහාසය ගැන කියවද්දි.
@ අසරණයා,
ReplyDeleteබොහොම ස්තුතියි.
@ ඔබ නොදුටු ලොවක්.....,
ReplyDeleteඔයාටත් ගොඩාක් ස්තුතියි.
@ Chathuranga Perera,
ReplyDeleteඒ ගැන නම් දැනගත්තෙ අද. ඒ මතය ගැන වැඩි විස්තර දැනගන්න පුළුවන් ලින්ක් එකක් තියෙනවා නම් දාන්න පුළුවන්ද මල්ලි? බොහොම ස්තුතියි.
@ ඉන්දික උපශාන්ත,
ReplyDeleteසූරිය ගුණසේකරද එතකොට ඔය මතය ප්‍රකාශ කරල තියෙන්නෙ....?
@ Music girl
ReplyDeletehttp://sinhalenscience.blogspot.com/2011/12/blog-post_12.html
http://helayugaya.blogspot.com/search?q=peru
ඔය සයිට් දෙකේ පොඩ්ඩක් කැරකිලා එන්න... ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වේවි... යනවා නම් කියවන්න බලාගෙනම යන්න... දැනගන්න දේවල් ගොඩයි...
බොහොම අපූරු විස්තරයක් නේ... තැන්කූ හොදේ,...
ReplyDelete@ Chathuranga Perera,
ReplyDeleteබොහොම ස්තුතියි මල්ලි ඔයාට. නිවාඩු කාලෙ බලන්න ඕන.
@ Sammani,
ReplyDeleteඔයාටත් ගොඩාක් ස්තුතියි.
චතුරංග,
ReplyDelete1. මාතා පිතා කියන්නෙ සංස්කෘත වචන දෙකක්. සංස්කෘතය ලංකාවට ආවෙ ඉන්දියානු බමුණන්, කේරල සංක්‍රමණිකයන් හරහා සහ බද්‍රකච්ඡායනාගේ සහෝදර රැල එක්කයි. එතකොට මැකෝ පිකෝ වචනෙ හෙළ නෙමෙයි සංකෘතෙන් බිඳිච්ච එකක් නං ඒක වඩා කිට්ටු ඉන්දියාවට.
2. දකුණු ඇමරිකාව යනු ලංකාවට කිසි ලෙසකින් වත් භූගෝලීයව සම්භන්ධ නැති රටකි. එමෙන්ම අප්‍රකාව පසුකර දකුණු ඇමරිකාවට සිංහල රජකුට යාමට ඇති අවශ්‍යතාවය විද්‍යාත්මකව ඔය කිසිවකු පෙන්වා නැත.
3. ලංකාව ඔතරම් දියුණුව පැවති ඔය අවධියෙ ඒ හා සමගාමීව පැවති වෙනත් රාජ්‍යන කිසිවක් ගැන ඔවුන් සඳහන් නොකරයි.
4. ස්වදේශික දකුණු ඇමරිකානුවන් හා සිංහලයින් අතර ඇති ජානමය හෝ ස්වරූපමය සමාන කමක් ඔප්පුකරන්නට ඔය මුසා දෙසන්නන්ට නොහැකිව ඇත.
5. සූරිය ගුණසේකරගේ සියලු කතා හොඳින් පරීක්ශාකර බැළුවහොත් වැටහීයනු ඇත්තේ ඒව සියල්ල ජනප්‍රවාද මත පදනම්ව කරන ලද හිතළු මිස කිසිම තාර්කික හෝ විද්‍යත්මක පදනමකින් ගොඩ නගන ලද ඒවා නොවන බවයි.
මා මේ කිව් කරුණු බිඳින්න්ට ඔබට හැකිනම් මට ඔබ හා එකඟ විය හැක.