Sunday 4 December 2011

අහන්න ආස සිංදුවක් (4)......

මං හරිම ආසයි ප්‍රියා සූරියසේනගෙ මේ සිංදුව රෑට නිදාගන්න ඉස්සරවෙලා අහන්න. අපි විවාහ උනු අළුත, අළුත් ගේ හදාගෙන යද්දි මගේ නංගිගෙ වෙන්න මහත්තයා එනවා අපේ ගෙදර හවසට. මිනිහා හොඳ ගායකයා. දවසක් එයා ගිටාර් එකකුත් අරගෙන ආවා. එයාගෙ නම නලින් කියමු. නලින් හරිම ආසයි කිරි කොස් කන්න. අපේ ගෙවල්වලට ළඟ හන්දියේ ඕනම කාලෙක තියෙනවා කොස් විකුණන්න. කොහෙන් ගෙනවද මන්දා. කොස් මදුළුද, මැල්ලුමට කපපුවාද, පොළොස්ද...ඔය ඕන දෙයක්...

නලින් එන්න ඉස්සරින් කෝල් එකක් දීල කියනවා අද එනවා කියලා. එතකොට එදා හැන්දෑවට කොහොම හරි කිරි කොස්, පොල්සම්බෝලෙ, කරවල හරි හාල්මැස්සො හරි තෙල් දාල හදනවාමයි. තුන්දෙනා එක්කම බඩ පැලෙන්න කාලා බිත්ති විතරක් නග්ගලා තිබුණු අළුත් ගෙට යනවා. ඒකෙ ඇඳකුයි, ලොකු මේස තඩියකුයි දාල තිබුණා. නලින් ගිටාර් එකත් අරන් ඇඳෙන් වාඩිවෙලා සිංදු කියන්න පටන් ගන්නවා. මගේ මහත්තයාටත් හොඳට සිංදු කියන්න පුළුවන්. එයා තාලෙට මේසෙට තට්ටු කරනවා.  අමරදේවගෙ, වික්ටර්ගෙ, සුනිල්ගෙ, කපූගෙ සහ මෙකී නොකී හැමෝගෙම සිංදු කියාගෙන ගිහින් හැමදාම ඉවර කරන්නෙ ප්‍රියාගෙ මේ සිංදුවෙන්. වහළ ගහල නොතිබුණු ගෙදර හොඳට තරු පිරිච්ච රෑ අහස දිහා බලාගෙන මේ සිංදුව අහගෙන ඉන්දැද්දි මං වෙනමම ලෝකයකට යනවා. ලියනකොට ඇස් දෙකේ කඳුළුත් පිරුණ ඒ ජීවිතේ ලස්සන මතක් වෙද්දි. අනේ ඒ ලස්සන කාලෙ ආයෙත් එනවා නම්...

6 comments:

  1. මේ සින්දුවටත් ආසයි..අපේ සෙට් එක සින්දු පටන් ගන්නේ ප්‍රියාගේ ලිහිනින් රෑන පියා සලන්නේ සිංදුවෙන් හැමදාමත්ම..දැනට අවුරුදු ගානක ඉදන්......

    ReplyDelete
  2. මෙන්න ප්‍රියා සුරියසේන මහත්තයාගේ සින්දු අහන්න ලින්ක් එකක්.

    http://www.lankantunes.com/player/priya_suriyasena/index.php?name=Priya%20Suriyasena

    ReplyDelete
  3. මං අසම සිංදුව "එකම විදියේ දෙතුන් වතාවක් එහමේය අපි යන්න ඇති " වදින සිංදුවක්!!

    ReplyDelete
  4. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    ඇත්තටම ඒ සින්දුව නියමයි තමයි සාජ්ජයක් පටන් ගන්න. මමත් ඕකට හරි ආසයි. බොහොම ස්තුතියි මතක් කරල දුන්නට. :)

    ReplyDelete
  5. @ NmL,

    බොහොම ස්තුතියි ලින්ක් එකට. ඒක මට හරිම වටිනවා. මං ඒක සේව් කරගත්තා. :)

    ReplyDelete
  6. @ අසරණයා,

    මේක අළුත් සින්දුවක්ද, පරණ එකක්ද...? මට හරියටම වැදුනෙ නෑ මොකක්ද කියලා. පුළුවන් නම් ගායනා කරන්නෙ කවුද කියලා කියනවද...?

    ReplyDelete