Friday 25 November 2011

අවස්ථාවක් ලැබුනොත් ඔබ මේ ටොයිලට් එක පාවිච්චි කරනවද?

මේක මේ ස්විට්සර්ලන්තයෙ තියෙන මහජන වැසිකිළියක්. පළවෙනි පින්තූරෙ තියෙන්නෙ ඒක පිටින් පේන විදිය.

ලස්සනයි නේද? පොඩ්ඩක් පහළට ගිහින් බලන්නකො මේක ඇතුලෙ කොහොමද කියලා....








ඔන්න දැන් බලන්නකො කොහොමද තත්ත්වෙ කියලා. ඒක සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නෙ one-way glaases වලින්. එළියෙ ඉන්න කාටවත් පේන්නෙ නෑ ඔබ ඇතුලෙ ඉන්න බව. ඒ උනාට ඇතුලෙ ඉන්න කෙනාට හිතෙන්නෙ තමන් ටොයිලට් යන්නෙ මහ පාර අයිනෙ තියෙන වීදුරු පෙට්ටියක් ඇතුලෙ ඉඳන් කියලා....

මට හිතෙන්නෙ මෙකෙන් තව වෙනස් විදියක ප්‍රයෝජනයකුත් ගන්න පුළුවන්. ඔය ප්‍රදර්ශන කාමුකත්වය කියන මානසික රෝගය තියෙන අයත් අපට සමාජයෙ විටින් විට හමුවෙනවනෙ. අන්න ඒ අයට මේක සෑහෙන්න වටීවි. ඇතුලෙ ඉඳන් ඔහෙ පෙන්න පෙන්න ඉන්න බැරියැ. කාටවත් හානියකුත් නෑනෙ. ඒත් වැඩේ වෙන්නෙ එහෙම කෙනෙක් එතැනින් අයින් වෙන්න බැරිය කියලා ඒකෙ පැල් බැඳ ගත්තු දාට...  :D

2 comments:

  1. හිකිස්,.. බය හිතෙනවා මේක දැක්කමත්, මම නම් කවදාවත්ම මේක නම් පාවිච්චි කරන්නේ නැ,. :) :P

    ReplyDelete
  2. හදිස්සියකදී නම් ඇස් දෙක පියාගෙන ඉන්නවා.මටනම් පුළුවන්.හික් හික් ..!

    ReplyDelete