Monday 21 November 2011

ලෝකයේ විශාලතම අත...........


මේ අතේ අයිතිකාරයා ඉන්නෙ චීනයේ. නම Lui Hua. මේ දුර්ලභ තත්ත්වය හඳුන්වන්නෙ macrodactyly කියලා. මේ අත විශාල වැඩිකමටම 2007 ජූලි මාසයේ දිනයකදි අපේ යාළුවා ෂැංහයි වලදි රෝහල්ගත කරලා අතේ විශාලත්වය අඩු කිරීමේ සැත්කමක් සඳහා. ඒ වෙනකොට එයාගෙ වම් අතේ මහපට ඇඟිල්ල අඟල් 10.2ක් දිගයි.  දෙවෙනි ඇඟිල්ල අඟල් 12කට ආසන්නයි. මැදඟිල්ලත් විශාලයි. මෙයා ඉපදිලා තියෙන්නෙ මේ අසාමාන්‍යතාවයත් එක්කමයි. කාලයත් එක්ක තවත් විශාල වෙලා. මේ ඇඟිලිවලයි අතේයි ප්‍රමාණය අඩු කරන සැත්කම සඳහා වෛද්‍යවරුන්ට පැය හතක කාලයක් ගතවෙලා තියෙනවා. මේ කාර්යයේදි රාත්තල් 11ක් බර ඇටකටු ඇතුළු ශරීර කොටසක් ඉවත් කරලා. මාස 6කට පසුව තවත් දෙවෙනි සැත්කමකුත් කරන්නට නියමිතයි.  වෛද්‍යවරු කියන විදියට ඊළඟ සැත්කමේදි එයාගෙ වම් අතේ උරහිසෙත් යම් යම් වෙනස්කම් කරන්නට සිදුවෙනවා. පළමු සැත්කමෙන් පසුව ඉතිරි උනේ මහපටැඟිල්ලයි, මුදු ඇඟිල්ලයි, සුළැඟිල්ලයි විතරයි.
මේ විස්තර  කියවනකොට මට හිතුනෙ මේ මනුස්සයා අත් තඩියත් එක්ක මොනතරම් දුකක් විඳින්න ඇතිද කියලයි.

10 comments:

  1. ඔක්කොම කුණූ බේරෙ වැවට වගෙ චීනෙට මයි ඔක්කොම,,,,,

    ReplyDelete
  2. අයියෝ, ඒක නම් කියල වැඩක් නෑ...

    බොහොම ස්තුතියි මේ පැත්තෙ ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට....

    ReplyDelete
  3. හත් දෙයියනේ... මගේ කකුලවත් නෑ ඔච්චර !!!

    මේ මනුස්සයා මොන දුකක් විඳන්න ඇති ද ? මුළු අතම කපලා දාලා අළුතෙන් අතක් බද්ධ කරන්න පුළුවන් වුනා නම්...!

    ReplyDelete
  4. පවු අප්පා . ඔයතරම් බරකුත් උස්සගෙන . මිනිස්සුන්ගේ බැල්මවල් වලට යට වෙවෙවී ඔය මනුස්සයා කොච්චර දුකක් විඳින්න ඇද්ද .?

    ReplyDelete
  5. @ Chathuranga Perera,

    මල්ලි කිව්ව විදියට අතක් බද්ධ කරන එක ගොඩක් අවදානම් ඇති. ශරීරය විසින් ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්නෙ. ඒ හින්දා අඩු අවදානම් වැඩේ කරන්න ඇති...ඒ මට හිතුනු විදිය....
    ඒ පතකඩ අතේ වැඩි හරිය අයින් කළාට පස්සෙ ඒ මනුස්සයට මොනතරම් සැහැල්ලුවක් දැනෙන්න ඇත්ද...නේද...

    ReplyDelete
  6. @ සඳරු,

    ඔක්කොටම වඩා හපන් අනිත් මිනිස්සු කියන කතා අහගෙන, බලන බැල්මවල් දරාගෙන ඉන්න එක නේද....? පව්. ඒ මනුස්සයට අප්‍රමාණ සැනසිල්ලක් දැනෙන්න ඇති අත් පතේ අඩු කළාට පස්සෙ.

    ReplyDelete
  7. මේවා දකිනකොට අපිට තියෙන ප්‍රශ්න මොනවද කියල හිතෙනවා.

    ReplyDelete
  8. @ උදාර,

    අනේ ඔව් මල්ලි...
    පළමුවතාවට නේද ආවෙ. සාදරයෙන් පිළිගන්නවා. බොහොම ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක්දාල ගියාට

    ReplyDelete
  9. මාත් අද මේ බොලොගය බැලුවෙ. මචං මරු මරු. ඇත්තටම මගේත් කකුලක් වත් නෑනේ ඔය තරම්.... ඔය රටවලමයි ඔය සීන් දකින්න වැඩිම .....
    - Vasantha -

    ReplyDelete
  10. වැඩිම ජනගහනයක් ඉන්නකොට වැඩිම ලෙඩ රෝග ටිකත් ඇති නේද....
    බොහොම ස්තුතියි වසන්ත ඇවිත් කමෙන්ට් කරල ගියාට.....

    ReplyDelete