Saturday 12 November 2011

මං ගැන...



මං ගැන කෙටි හැඳින්වීමක් කරනව නම් මං මියුසික් පිස්සියෙක්... එකක් කියල නෑ.. රස විඳින්න පුලුවන් නම් කණට ඇහෙන ඕනම සින්දුවකට මං ආසයි...
ගොඩක් අය වගේ අනිත් අයගෙ බ්ලොග් කියවනකොට මටත් හිතුන එකක් පටන් ගන්න... මගේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න... මතකයන්ම විතරක් නෙවෙයි... මං ඇහු දුටු දේවල්... මට මුන ගැහුනු මිනිස්සු... ලෝකෙ රටේ වෙන දේවල් ගැන... අපි කතා කරමු...
කට්ටිය මාවත් බලන්න එයි කියල හිතනවා... මාව බලන්න එන ඔක්කොමලව ආදරයෙන් පිලිගන්නවා... එන නො එන හැමෝගෙම බ්ලොග්වලට මාත් එනවා...
ඉතින් ඔන්න එහෙනම් මමත් අද ඉඳලා මේ මහා බ්ලොග් අවකාශයේ සාමාජිකයෙක්....

10 comments:

  1. ඔබට සුභ පතනවා! දිගටම ලියන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි වෛද්‍යතුමාට කරපු දිරි ගැන්වීමට.... මට ලැබුනු පළවෙනි කමෙන්ට් එක ඔබතුමාගෙන්... :D

    ReplyDelete
  3. ඔබට ජය :) දිගටම ලියන්න

    ReplyDelete
  4. බොහොම ස්තුතියි ඔයාටත්.

    ReplyDelete
  5. ආයුබෝං!

    කොමෙන්ට් අඩුයි, හිට්ස් නෑ කියල නොහිත ලියන්න. දිග ගමණකට සුභපතනව!

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි ඉන්දික, ඔයාගෙ උපදෙසටත්.

    ReplyDelete
  7. එළකිරි මචෝ (sorry) මචී දිගටම ලියමු. good luck

    ReplyDelete
  8. බොහොම ස්තුතියි rawana..

    ReplyDelete
  9. එහෙනම් සාදරයෙන් පිළිගන්නවා...!!! අපි ලොකු ලොක්කෝ නම් නෙවේ. ඒත් පුළුවන් විදියට උදව් කරන්නම්... අඩුපාඩු ගැන, කමෙන්ට්, හිට්ස් ගැන හිතන්නැතුව ලියාගෙන යන්න සහෝදරී... සංගීතයට ආසයි කිව්වම මං ආවේ බලන්න කවුද කියලා... අපිත් ඉතින් ඒ පැත්තට බර උදවියනේ...

    එහෙනම් ලියමුකෝ බලන්න දෙයියනේ කියලා වැඩේ පටන් ගෙන... මේ පළමු පෝස්ට් එකට වගේම සියවැනි, දහස් වැනි පෝස්ට් වලටත් ප්‍රතිචාරයත් තියන්න අපිට එන්න ලැබේවා... ඔබට ලියන්න ලැබේවා...

    හරවත් බ්ලොග් දිවියකට ආසිරි... ජයවේවා !!!

    ReplyDelete
  10. බොහෝම ස්තුතියි මල්ලි... ඔයාලගෙ වචන ලොකු හයියක් මං වගේ මේකට අළුත් කෙනෙකුට.... පුළුවන් තරම් උත්සාහ කරන්නම්කො හොඳ දෙයක් දෙන්න.....

    ReplyDelete