Monday 2 January 2012

ඇයි මේ සමහරු ජීවිතේ බොහොම පුංචි දේවල් සංකීර්ණ කරගන්නෙ....?


මට මේ සිදුවීම ලියන්න හිතුනෙ පහුගිය දෙසැම්බර් 31 වෙනිදා සිදුවුනු පුංචි  දෙයක් හින්දා.

31 වෙනිදා රෑ කවුරු කවුරුත් විනෝද වෙන දවසක් හින්දා අපේ පවුලෙ අයත් ලැහැස්ති වුණා පොඩි බාබි (BBQ) එකකට. වැඩි ජොලියටත් එක්ක පාක් එකකට ගිහින් අවට සිරි නරඹ නරඹ මේ වැඩේ කරන්න තමයි කට්ටිය කතා වුනේ. ඒ නිසා වේලපහින්ම මස් ටිකකුත් මැරිනේඩ් වෙන්න දාල සොසේජස් ටිකකුයි, පොඩි කෑලිවලට කපාගත්තු ෆ්‍රෙන්ච් ස්ටික් කිහිපයකුයි, ලියාගත්තු ලූණු ටිකකුයි තමයි වැඩේට ලැහැස්ති කරගත්තෙ. හවස් වෙනකොට ඔන්න මහත්තයට මතක් උනා ටික දවසකින් මුණ ගැහෙන්න බැරිවුණු එයාගෙ යාළුවෙක්ව.
'අපි රජිතයටත් ඔක්කොම එක්ක එන්න කියමු' කියල මෙයා යාළුවටත් කෝල් එකක් දීල එයාවත් සෙට් කරගත්තා. එයාට කිව්ව කෑම ඔක්කොම තියෙන නිසා මොනවාවත් ගේන්න ඕනෙ නැහැය, නිකම් ඇවිල්ල කාල බීල පොඩි ජොලියක් දාල යන්නය කියලා.

ඔන්න ටිකක් හවස් වෙනකොට රජිතගෙන් එනව කෝල් එකක්.
'මචං... අපි දැන් කොහාටද යන්නෙ?'
ඔන්න ඒ ගමන ඔක්කොම ප්ලෑන් එක ආයෙමත් එයාට විතර කළා.
'හරි මචං... අපි එහෙනම් එහෙම කරමු.' කියල පොර ෆෝන් එක තිබ්බා.
පැය දෙකකට විතර පස්සෙ මෙන්න ආයෙ එනව කෝල් එකක්.
'මචං... පොඩි ප්‍රශ්ණයක්. අපි එන්න පොඩ්ඩක් විතර පරක්කු වෙයි. මේ රම්‍යා පොඩි සැලඩ් එකක් හදනවා.'
ඒ ගමන මහත්තයා ආයෙම කිව්ව ඇති තරම් කෑම තියෙන නිසා මොකවත් ගේන්න එපාය, බාබිය අස්සෙ සැලඩ් කන්න කවුරුත් නැතිවේවි කියල. ඒත් පොර ඕක ගේන්නම ඕන කියපු නිසා අන්තිමට කිව්ව,
'හරි.. හදාගෙන ඉක්මනට එන්න' කියලා. 
දැන් අපි බලන් ඉන්නවා මෙයාල එනකම්. මහත්තයත් කැමති උනේ නෑ ආයෙ කෝල් කරන්න. දැන් රෑ 8.30 ත් උනා. තවම නෑ. අනිත් එව්වො බැනල බඩු ටිකත් උස්සන් පාක් එකට ගියා. අපි හිටිය ගෙදරට වෙලා මේ කට්ටිය එනකම්.
ඔන්න ආයෙ ආව කෝල් එකක්.
'මචං.. ඔන්න අපි දැන් මෙහෙන් පිටත් වෙනවා' කියලා.
'හරි මචං හරී... උඹල එනකම් අපි මේ ගෙදර ඉන්නෙ. අනිත් එවුන් ගියා' කියල ඒ වෙනකොට ටිකක් කේන්ති ගිහින් හිටපු මහත්තය කිව්වා. එයානෙ වැඩේ වරද්දගත්තෙ. ඒ නිසා අනිත් කාටවත් බනින්න විදියකුත් නැහැනෙ.

ඔන්න යාන්තම් රෑ 9.15 ට විතර යාළුවයි, නෝනයි, දරුවො දෙන්නයි එනවා මහා සැලඩ් බෝල් එකකුයි, තෑගි බෝගයි අරගෙන. ඒ ටික දැක්කම අපිට කරගන්න දෙයක් නැතිවුණා. හෙන සැලඩ් තොගයක්. කවුද දැන් ඒක කන්නෙ...? ඒ මදිවට තෑගි බෝගවලටත් වියදම් කරල. අපි පාක් එකට යන්න පිටත් වෙලා එළියට බහිනකොට මට පෙනුනා අර දරුවෙකුගෙ ඇඳුමෙ මිළ ගණන් ගහල තියෙන ටෑග් එකක් එහෙමම තියෙනවා.
දරුවගෙ අම්මත් ඒක දැක්කෙ එතකොට.
'කඩේ ගිහින් ඇඳුම් ටික ගෙනාව ගමන් ඇඳගෙන ආව මිසක් හරියට බලන්නවත් බැරි වුණා' කියල ඒ අම්ම ටෑග් එක ගලවල දැම්මා.
මමයි මහත්තයයි මූණෙන් මූණ බලාගත්තා.
'අපොයි... මෙයා කතා කරල හරි කරදරයක් නෙව කරල තියෙන්නෙ' කියල මට ඉබේම කියවුණා.
ඇත්තටම මට හරිම කණගාටු හිතුණා. අන්තිමට සැලඩ් එක කෑවෙ මමත් හදපු නෝනත් විතරයි. එයාගෙ පොඩි උන් දෙන්නයි, මහත්තයයිවත්  කෑවෙ නැහැ.ලොකු වියදමකුත් කරලා, කෑමත් අපතෙ ගිහින්.

බලන්න පුංචි ආරාධනාවක් මොනතරම් සංකීර්ණ කරගෙනද කියල මේ මිනිස්සු...

19 comments:

  1. ඔයාලට පොඩි ආරාධනාවක් වුනාට ඒක එයාලට ලොකු දෙයක් වෙන්න ඇතිනේ සහෝදරි.සාමාන්යෙන් ලංකාවේ මිනිස්සු ඔහොමනෙ..හිස් අතින් යන්නේ නැහැනේ.

    සුභ අලුත් අවුරුද්දක් වේවා!!..

    ReplyDelete
  2. ඕක ඔය ලොකුකම පෙන්නන්ඩ ගිහින් කරගත්තු වින්නැහියක්නේ... ඔහොම අය බහුලයි මේ සමාජේ..

    ReplyDelete
  3. මිනිස්සුන්ගේ සමහර වැඩනම් ඔහොම තමයි..

    ReplyDelete
  4. @ අසරණයා,

    ඒ පුංචි ආරාධනාව නිසා මේගොල්ලො කඩේ ගිහින් ළමයින්ට අඳින්න ඇඳුම් පවා අරගෙන. ඔහොම දේකට තෑග්ගක් ගේන්නම ඕන කියලා හිතෙනව නම් ඒකට ගැලපෙන කෑමක් හදාගෙන ආව නම් ඉවරයිනෙ. බාබියක් අස්සෙ කවුද සැලඩ් කන්නෙ. මෙයාල අපට ගෙනාව තෑග්ග ඩිනර් සෙට් එකක්. බලන්න කොච්චර වියදම් කරලද කියලා.
    ආරාධනාව කරපු වෙලාවෙ ඉඳලා අපේ ගෙදර එනකම් කෝල්ම කීයක්ද. ඒ ඔක්කොමත් කරලා වැඩේට ආව වෙලාව බලන්න.
    ඉතින් අපට පුළුවන්ද ඒ වගේ දේකට ඒ මනුස්සයට ආයෙම ආරාධනා කරන්න. ආරංචියේ හැටියට ඕන පොඩි දේකට මේගොල්ලො යන්නෙ ඒ වගේ.

    ReplyDelete
  5. @ ඉන්දික උපශාන්ත,

    ඇත්ත ඉන්දික. අපට තේරුනු විදියට මහත්තයගෙ නෙවේ, නෝනගෙ.

    ReplyDelete
  6. @ Senna,

    බලන්නකො ඉතින් ආයෙම කටක් ඇරල ඒ වගේ ආරධනාවක් කරන්න පුළුවන්ද කියලා.

    ReplyDelete
  7. @ Dinesh,

    ඒකනෙ. පුංචි ආරාධනාවක් වෙනුවෙන් ඒ තරම් වියදම් කරලා ලක ලෑස්ති උනා නම් වෙඩින් එකක් හෙම කිව්වොත් කොහොමට හිටීවිද.

    ReplyDelete
  8. ලස්සන බ්ලොග් එකක්....එන්නම් මාත් කියවන්න අද ඉඳන් හොඳේ?

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. ඒ වගෙම සමාවෙන්න ඕන පිළිතුරු පමා උනාට. පහුගිය ටිකේ අසාමාන්‍ය විදියට වැඩ ගොඩ ගැහුනා. ඒ නිසා කිසිම විවේකයක් ලැබුනෙ නෑ මේ පැත්තෙ ගොඩවෙන්න. :)

      Delete
  9. ඔයා කිව්ව ඔය සැලඩ් එක පළතුරුද එලවලුද? BBQ එකකට නම් එළවලු සළාදයක් තියෙන්නම ඕනෙ....

    ReplyDelete
    Replies
    1. ඒක කැප්සිකම් සලාදයක්. වැඩිය තිබ්බෙ සෝස්. පැණි රසයි.
      අපේ කට්ටියට නම් සලාදෙ මතක් වෙන්නෙ පහුවෙලා ඉතුරුවෙලා විසි කරන්න හදනකොට. එතකොට ඉතින් මස් කාල බණ්ඩි ෆුල්.

      Delete
  10. මොනව උනත් කෑම නේද.. අයියෝ සල්ලි...

    අසරණයාගේ පෝස්ටුවක විස්තර තිබ්බ නිසා බුක් මාර්ක් පාරක් දාගෙන මේ පැත්තේ ආවේ. ජය...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මේ පැත්තෙ ආවට. අසරණයා මල්ලිටත් ස්තුතියි පාර පෙන්නුවට. ආපු මුල් වතාවෙම උත්තර බඳින්න පමා උනානෙ. හිතනවා ආයෙ නෑවිත් ඉන්න එකක් නෑ කියල. :)

      Delete
    2. හිකිස්.. අපි ෆ‍ලෝ එකේ ඉන්නේ.. පස්සෙන් පන්නමි..

      දිගටම ලියන්න..

      Delete
    3. බොහොම ස්තුතියි. මේ සෑම්ලා දෙන්නෙක් නේද? :D

      Delete
  11. අසරණයා අයියාගේ ලින්ක් එකෙන් ආවේ මේ ලොකුකමයි කාටවත් සෙකන්ඩ් වෙන්න බැරිකමයි නිසා කරගත්ත වින්නැහියක් තමන් තමන්ට හැකි විදියට හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. පස්සෙ ආරංචි වුනු විදියට මෙයාල ඕනම පුංචි දෙයකට යනකොට ගොඩක් කරදර වෙලා වියදම් කරලා දඟලන නිසා වැඩි දෙනෙක් ඒ වගේ ආරාධනාවල් කරන්නෙ නැහැ. දැන දැන එහෙම කරන්නත් බැහැනෙ.
      බොහෝම ස්තුතියි මේ පැත්තෙ ආවට. අසරණයාටත් එක්කමයි ස්තුතිය. :)

      Delete