Sunday 11 December 2011

Hollywood.......


කැලිෆෝනියාවෙ ලොස් ඇන්ජලීස් නුවර තියෙන කැපී පෙනෙන සළකුනක් විදියට පෙන්වන්න පුළුවන් දෙයක් තමයි මේ හොලිවුඩ් සළකුන. අද වෙනකොට ලෝකෙ බොහෝ දෙනෙකුට මේක දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. ඒ උනාට 1923දී  මේ අකුරු ටික නිකම්ම නිකම් වෙළඳ දැන්වීමක් විතරයි කියල ඔබ දන්නවද?

මේ දැන්වීම ගැහුවෙ ඉඩම් විකුණන සමාගමක් විසින් හොලිවුඩ් කියන ප්‍රදෙශයට මුහුණ දාලා තිබුණු ඉඩම් වගයක් විකුණාගන්න. හැබැයි ඒකෙ සඳහන්වෙලා තිබුනෙ හොලිවුඩ් කියලා නෙවෙයි. හොලිවුඩ්ලෑන්ඩ් කියලා. 


මේ ඉන්නෙ 1923 දි මේ සලකුන පිහිටවූ ඉඩම් විකුණන ආයතනයේ කට්ටිය.


වෙළඳ දැන්වීමක් උනත් මේක පොඩි පහේ එකක් හෙම නෙවෙයි. එක අකුරක් අඩි 30ක් පළල අඩි 50ක් උස එකක්. හදලා තියෙන්නෙ ලී සහ මෙටල් ෂීට් වලින්. මේ තියෙන්නෙ ඒ ප්‍රදේශයේ 1929දි ගන්න ලද ගුවන් ඡායාරූපයක්.


මේ ඒ කාලෙ අවට තිබුනු වටපිටාව. දැන් නම් ඔය ගෙවල් තියෙනවද දන්නෙ නැහැ.


1932 සැප්තැම්බර් මාසෙ 16 වෙනිදා එක්තරා අසාර්ථක නිළියක්  'H' අකුර උඩට නැගලා සිය දිවි හානි කරගෙන තියෙනවා. ඇගේ නම Peg Entwistle.


මේ දැන්වීම ඔය ස්ථානයේ ප්රදර්ශනය කරන්න බලාපොරොත්තුවෙලා තියෙන්නෙ එක අවුරුද්දක් විතරයි. උනාට ඒකට ලැබුනු ජනප්රියත්වයත් එක්ක අයින් කරන්නෙ නැතිව එහෙමම තියෙන්න ඇරලා. 1949 දි Hollywood Chamber of Commerce ආයතනය එකඟ වෙලා තියෙනවා මේ සළකුන නඩත්තු කරන්න එක කොන්දේසියක් මත. කොන්දේසිය තමයි අර 'LAND' කියලා තිබුනු අකුරු හතර අයින් කරන එක. ඒකට එකඟ වෙලා අකුරු හතර අයින් කරලා තියෙනවා. ඒ උනාට මේක මොනතරම් වැදගත් සළකුණක් උනත් කාලයක් තිස්සෙ නිසි නඩත්තුවක් කෙරුනෙ නැතිව අතහැරලා වගේ තිබුනු නිසා 1970 අවසාන භාගය වෙනකොට සළකුන පෙනුනෙ මේ විදියට.


ඉන් පසුව 1978දි චිත්රපටවලට සම්බන්ධ අය එකතුවෙලා $250,000ක් එකතු කරලා මේ අකුරු නැවත කල් පවතින ලෝහවලින් හදලා පිහිටුවල තියෙනවා. මේ අළුත් අකුරු අඩි 45ක් උසටත් අඩි 31-39 පළලටත් සැකසුනු ඒවා.

මේ මෑතකදී නැවතත් මේ සළකුන ඉවත් කිරීමේ ප්රයත්නයක් වළක්වනු ලැබුවා.

10 comments:

  1. නොදැන හිටි දෙයක් මේක.. දැනුවත් කලාට ස්තූතියි...

    ReplyDelete
  2. එකේ ඉතිහාසය ගැන දැනගත්තේ අදයි යාළු දිගටම මේවගේ ලියන්න. ජයෙන් ජය!!

    ReplyDelete
  3. bohoma isthuthi, kochchara film baluwath danagaththe ada. mama hithuwe oya sindu gana witharyi danne kiyala

    ReplyDelete
  4. @ Dinesh,

    ඔයාටත් ස්තුතියි කියලාම ගියාට. :)

    ReplyDelete
  5. @ අසරණයා,

    ස්තුතියි අසරණයා, ඔයා වගේ දෙතුන් දෙනෙක් හරි ඇවිත් කමෙන්ට්ස් දාල යන එකටත්. :)

    ReplyDelete
  6. @ ashen,

    ඒ කියන්නෙ ඔයා මගෙ බ්ලොග් එක හරියට කියවලා නෑනෙ... :)

    ReplyDelete
  7. @ dini,

    ස්තුතියි ඔයාටත් :)

    ReplyDelete
  8. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට... නොදන්නා තොරතුරු ටිකක් දැනගත්තා... ජය !!!

    ReplyDelete
  9. @ Chathuranga Perera,


    ස්තුතියි දිරිමත් කිරීමට. ඒ වගේම සතුටුයි ඔයාල මේකෙන් අළුත් තොරතුරක් දැනගත්තු එක ගැන. :)

    ReplyDelete