මෙයාගෙ අම්මා ඉංග්‍රීසි සහ පෘතුගීසි මිශ්‍ර කෙනෙක්. නමුත් හැදී වැඩී තියෙන්නෙ ඉන්දියාවෙ. ඒ දෙන්නා මුණගැහිලා තියෙන්නෙ ගයිගෙ තාත්තා අයිවන්, ඉන්දියාවෙ ගිහින් Geology ඉගෙන ගන්න කාලෙ. එයාලා විවාහ වෙලා පදිංචි වෙලා තියෙන්නෙ මැලේසියාවෙ නිසා ගයි ඉපදිලා තියෙන්නෙ එහේ. එයාට වයස අවුරුදු හයක් විතර වෙද්දි තමයි පවුලම ඕස්ට්‍රේලියාවට ඇවිත් තියෙන්නෙ. 2003 Australian Idol කියන තරගයෙන් දිණුවට පස්සෙ තමයි මෙයා ගායකයෙක් විදියට කළ එළි බැහැලා තියෙන්නෙ. අද වෙනකොට ගයි සෙබස්තියන් කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ ගායකයෙක්, සම්මාන ගණනාවක් දිනාගත්තු.
බලන්නකො අහලා එයාගෙ සිංදු කිහිපයක් ඔයාලත් ආසද කියලා...
ඔකා ලංකාවේ වුනත් අපිට පාන් ද? මු කියන්නේ සින්හල සින්දු නෙමේ නේ.. ඇයි ඔච්ච්ර සුද්දාට කහින්නේ...
ReplyDeleteමං අහන්නෙ සිංහල සින්දු විතරක් නෙවෙයි...හැම ජාතියකම ඒවා... රස විඳින්න පුළුවන් හැම සින්දුවම මං අහනවා.... ඒක බෙදාගන්න එකයි මං මෙතන කරන්නෙ... මාත් එක්ක ඒවා රස විඳින්න පුළුවන් අයට....මේ වගේ පෝස්ට් එකක් සුද්දන්ට කැහිල්ලක් කියලා හිතන ඇනෝතුමාගෙ මොළේ ගැන මට හිතාගත්තෑකි.... බොහොම ස්තුතියි කමෙන්ට් එකට...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමමනම් මෙයා ගැන අහුවේ අද.. මම වැඩිය ඉංග්‍රීසි සින්දු අහනවා අඩුයි..
ReplyDeleteකලින් වගේ පිස්සෝ කියන දේවල් ඔය ගණන් ගන්න එපා.වෙනද වගේම ඔය මේ වගේ පොස්ට් දාන්න අපි ඉන්නවා හැමදාමත්.
ReplyDeleteජයෙන් ජය !!
මගේ කමෙන්ට් එකට මොකද උනේ
ReplyDelete@ Dinesh,
ReplyDeleteලංකාවෙ නම් මෙයාගෙ සිංදු ඇහෙනව අඩුයි තමයි... මමත් අහම්බෙන් ඇහුවෙ දවසක් පාටියකදි.... ඒක අල්ලලා ගිය නිසා යූ ටියුබ් එකෙන් සොය සොයා බැලුවා... ගොඩාක් සිංදු නියමයි.... පස්සෙ අහම්බෙන් තමයි මේ ලංකාවෙ සම්බන්ධය ගැන දැනගත්තෙ.....
@ අසරණයා,
ReplyDeleteබොහෝම ස්තුතියි ඔයාට...
@ අසරණයා,
ReplyDeleteඔය තියෙන්නෙ උඩ ලස්සනට. :D
මං comments moderate කළා. අර වගේ එව්ව එනකොට.
මමත් අදයි ඇහුවේ මේ නම... මුළු ලෝකෙම මිනිස්සු එකෙක්ට එකෙක් නෑදෑයෝ නොවැ... අපි ඔක්කොම පරම්පරා සිය දාස් ගාණකට උඩින් හරි එක පවුලේ නෑදෑයෝ නේ...
ReplyDeleteකමෙන්ට් ගැන හිතන්න එපා. ඕවා ඔහොම තමා...
මමත් අහුවෙන හැම මගුලම අහනවා... සංගීතයට කොයින්ද භාෂාවක් !!!
මම නම් ඇහුවෙත් අදයි, මෙයා ගැන... ස්තූතියි දැනුවත් කිරිම ගැන...
ReplyDelete@ Chathuranga Perera,
ReplyDeleteඒකනෙ... භාෂාව මොක උනත් විඳින්න පුළුවන් නම් එච්චරයි. ඒ කාලෙ 'ලම්බාඩා' එහෙම රස වින්දෙ භාෂාව දැනගෙනයැ. ඒකෙ තියෙන එක වචනයක්වත් අදටත් දන්නෙ නෑ. ඒත් අදත් රස විඳිනවා.
බොහොම ස්තුතියි.
@ Senna,
ReplyDeleteඑක එක භාෂාවල සින්දු රස විඳින්න පුළුවන් නම් පොඩ්ඩක් හොයල බලන්න. මේ සින්දු ඩාන්ස් කරන්න නම් මරු. බොහොම ස්තුතියි කමෙන්ට් එකට.