Thursday 1 December 2011

මේ අමුද්‍රව්‍ය දත් බෙහෙත්වල අඩංගු බව ඔබ දන්නවාද......?


ඉපැරණි ග්‍රීක ජාතිකයින් සොයාගත්තට පස්සෙ ඉඳලා නොයෙකුත් දත් බෙහෙත් වර්ග ලෝකෙ හැමතැනම කැරකි කැරකි තිබුණට පළමුවෙනි ලෝක යුද්ධය වෙනකම්ම මේක එච්චර ජනප්‍රිය වෙලා නෑ. ඒ උනාට දිලිසෙන දත් දෙපෙලක් ලබාදෙන බවට ගැරන්ටියකුත් එක්ක කොම්පැනි වලින් දත් බෙහෙත් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තු ගමන්ම මිනිස්සු මේවා මිළදී ගන්න පටන් ගත්තා. ඒ නිසා පළවෙනි ලෝක යුද්ධය ඉවර උනු ගමන්ම දත් බෙහෙත් කියන දේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක් බවට පත් උනා...
අද වෙනකොට දත් බෙහෙත් කියන්නෙ ලෝකෙ හැමෝම වගේ පාවිච්චි කරන දෙයක්. ඒ උනාට මේ මිශ්‍රණය මේතරම්ම විශේෂ දෙයක් වෙලා තියෙන්නෙ කොහොමද කියලා ඔබ මොහොතකටවත් හිතුවද...? ඔබ දවසකට එකපාරක් හරි දෙපාරක් හරි තුන්පාරක් හරි දත් මදින කෙනෙක් වෙන්නැති. ඒ උනාට ඔබ ඒකෙ අඩංගු අමුද්‍රව්‍ය මොනවද කියලා කී පාරක් කියවල තියෙනවද....? සමහර විට එක පාරක්වත් නැතිව ඇති. සමහරු හිතනවා මේ සාමාන්‍ය දත් බෙහෙතක තියෙන අමුද්‍රව්‍ය ඔක්කොම අත්‍යවශ්‍ය දේවල් කියලා. තව සමහරු විශ්වාස කරනවා මේ වැඩේට වතුර විතරක් උනත් ඇතියි කියලා. ඒ මොනව උනත් අවසානයේදී බලනකොට පේනවා මේ හුඟක් දත් බෙහෙත් පැකට්වල තියෙන 'Do Not Ingest' කියන එකට ලොකු හේතුවක් තියෙන බව. ඔන්න බලාගන්න මේවයෙ මොනවද තියෙන්නෙ කියලා.......

10. Formaldehyde (ෆෝමලීන්)

කොර්නෙල් මහත්තයට නැතිවම බැරි ෆෝමලීනුත් තියෙනවා මේ දත් බෙහෙත්වල. ඒකෙන් කරන්නෙ කෑවට හරි නිදාගත්තට හරි පස්සෙ දත්වලට හානි කරන්න දඟලන බැක්ටීරියාවල් විනාශ කරන එක. හැබැයි බැරිවෙලාවත් වැඩිපුර ෆෝමලීන් ප්‍රමාණයක් ශරීරගත උනොත් ප්‍රතිඵලය මරණීය වෙන්නත් බැරි නෑ. මේ වගේ අධික ෆෝමලීන් ශරීරගත වීමකින් ජෝන්ඩීස් (jaundice) කියන සිරුර කහ පැහැ වීමේ රෝගයත්, වකුගඩුවලටත් අක්මාවටත් හානි සිදුවීමත්, සහ අවසානයේ මරණය උනත් සිදුවෙන්න පුළුවන්.
9. Detergent


දත් බෙහෙත් වලින් සබන් වලින් වගේ පෙණ එන්නෙ නැති උනොත් මොනවා වෙයිද...? මේ පෙණ බුබුළු සහ සබන් වගේ එන ගතියට කැමති බහුතරයක් සතුටු කරන්න නිෂ්පාදකයො මේවට සාමාන්‍ය පිරිසිදු කාරකයක් එකතු කරනවා. පෙණ ටික ආතල් උනාට වැරදිලාවත් මේවා වැඩිපුර ගිලුනොත් හෙම පරෙස්සමින්. මොකද ඒකෙන් අහාර මාර්ග පද්ධතියෙ පිළිස්සීම් (digestive track burning) ඇතිවෙන්න පුළුවන් හින්දා.
8. Seaweed


මේ ඇදෙන, සෙවෙල ගතිය තියෙන මුහුදු පැලෑටි වලින් තමයි මේ දත් බෙහෙත එකට එකතු කරලා තියාගන්නෙ. මේ කොළ පාට ජාතිය එකතු කළේ නැතිනම් ඒක එකට එකතු වෙන්නෙ නැතිව කෑලි කෑලි කැඩෙන්න පටන් ගන්නවා. හොඳම ආරංචිය තමයි මේ මුහුදු පැලෑටි ශරීරයට අහිතකර නැති එක. අනිත් එක මේවයෙ තියෙනවා පෝෂ්‍ය පදාර්ථ සමහරකුත්. ඒ උනාට ඒව ලබාගන්න දත් බෙහෙත් කන්නෙ නැතිව සුෂි බාර් එකක් අල්ලගන්න එක තමයි හොඳම වැඩේ..... 
7. Peppermint Oil
මින්ට් රසැති දත් බෙහෙත් ගැන ඔබ ඕන තරම් අහල ඇති. ඒ කට නැවුම් සුවඳ කරන රසය ගන්නෙ මේ පෙපර්මින්ට් තෙල් වලින්. නමුත් මේව නාඩි වැටීමේ වේගය අඩු කරන බවත්,  heartburn, muscle tremors ඇතිකරන බවත් කියැවෙනවා...
6. Paraffin

මේ කියන්නෙ අර ඉටිපන්දම්වල හෙම තියෙන ඉටි. මේව හින්දා තමයි අර ටියුබ් එක මිරිකුවාම කරදරයක් නැතිව දත් බෙහෙත් ටික සුරුස් ගාල දත් බුරුසුවට එන්නෙ. ඔයාලටත් හිතාගන්න පුළුවන්නෙ, ඉටි තියෙන්නෙ කන්න නෙවෙයි කියලා. බැරිවෙලාවත් මේවා ගිලුනොත් හෙම බඩේ කැක්කුම, වමනය, සහ තදබල විදියට බඩ වේලීමත් සිදුවෙන්න පුළුවන්.....
5. Glycerin Glycol


මේ ග්ලිසරින් දත් බෙහෙත්වලට දාන්නෙ ඒවා වේලිලා යන එක වලක්වගන්න. මේවා විෂ නැතිඋනත් මේවායින් වමනෙ යන්න එන විදියෙ ගතියක් ඇතිකරවන්න පුළුවන්...
4. Chalk


ඔබත් මමත් දන්න ඉස්කෝලෙ කළුලෑල්ලෙ ලියපු චෝක්ම තමා මේ. මේවායින්ලු දත්වල තදට බැඳිලා තියෙන මැලියම් ඉවත් කරන්නෙ. මේවා හුස්ම ගන්නකොට ශරීරගත උනොත් පෙනහළු සම්බන්ධ ලෙඩ රෝග ඇතිවීමටත්, ගිලුනොත් ලේ වහනයවීම් සිදුවීමටත් ඉඩ ඇති බව කියනවා.....
3. Titanium Dioxide
මේවා සාමාන්‍යයෙන් තියෙන්නෙ සුදු පාට තීන්තවල වුවත් මේකත් තවත් එක දත් බෙහෙත්වල අඩංගු අමුද්‍රව්‍යයක්. ඉතින් මේවා දත් බෙහෙත්වලට එකතු කළාම අර වලින් බිත්තිවලට ඇතිවෙන ආරක්ෂාව වගේම දත් වලටත් ලස්සනට සුදුපාටට තියෙන්න ආරක්ෂාවක් ලබාදෙනවා....ටික වෙලාවක් යනකම්වත්.... මේවා ශරීරගත වීමෙන් හානියක් නොවුනත් කන්න කියල රෙකමදාරු කරන්නත් බෑ....
2. Saccharin


අර සෝදනකාරකවල තියෙන එපා කරපු රසය යන්නත් මොනව හරි තියෙන්න ඕනනෙ... සැකරින් පැණි රස උනාට ඒකෙ තදබල පැණි රසයකුත් නැහැ. හරියටම දත් බෙහෙත්වල තියෙනවට මිනිස්සු ආස ගාණ. මේවා නම් ගිලුනට අවුලක් නැතිලු....
1. Menthol

මේකත් ඔබේ ප්‍රශ්වාස වායුවට මින්ට් සුවඳක් එක්කරන්නක්. මේවාත් ශරීගත උනාට ප්‍රශ්නයක් නැතිලු

අන්තර්ජාලයෙනි....


12 comments:

  1. එළ විස්තරයක්නේ,,,,අදමයි දන්නේ මේ ගැන...‍රැට දත් මදිනවද කියල බැලුවේ.....

    ReplyDelete
  2. අම්මපා අදනේ මෙච්චර දේවල් දත් බෙහෙත්වල තියෙනවා කියලා දැනගත්තේ. තෑන්ක්ස් හොඳේ...

    ReplyDelete
  3. itama wedagath karana tikak denagatta

    ReplyDelete
  4. itama wedagath karana tikak denagatta

    ReplyDelete
  5. මං ඕවයින් දත් බදින්නේ නෑ අයෙත් ලී කැල්ලක් පුච්චලා අඟුරු කැල්ලක් හදාගෙන දත් මදිනවා

    ReplyDelete
  6. @ ඔබ නොදු‍ටු ලොවක්.....,

    හිකිස්... දැනගත්තාම බය හිතෙනවා තමයි...

    ReplyDelete
  7. @ උදාර,

    You are very welcome... :)

    ReplyDelete
  8. @ ඇනෝ,
    My pleasure... :)

    ReplyDelete
  9. @ අසරණයා,

    මේක කියෙව්වාම නම් එහෙම හිතෙන එක පුදුමයක් නෙවේ. :)

    ReplyDelete
  10. "පෙරලූ මතක පිටු" ටික උඩට දාලා,
    "මං නිතර යනෙන තැන්" පහලට දැම්මොත් බලන අයට ඔයාගේ පෝස්ට් කියවන්න ලේසි වෙයි. මම පරන පෝස්ට් ලිස්ට් එක හොයා ගත්තේ අමාරැවෙන්..

    ජය පතමි

    ReplyDelete
    Replies
    1. අනේ බුදු මහත්තයෝ ඒක නම් කියන්නෙපා. මං එච්චර ඉන්ටර්නෙට් වැඩ කාරයෙක් නෙවේ. මේකත් අටෝගත්තෙ බොහොම අමාරුවෙන්. දැන් මේකෙ උඩ යට මාරු කරන්න ගියොත් තියෙන එකත් නැතිවෙයි කියල බයයි. තරහ වෙන්නෙපා හොඳේ. :D

      උදව්වක් ගන්න පුළුවන් කෙනෙක් මුණ ගැහුනු වෙලාවක ඔයා කියපු දේ කරන්නම්. බොහොම ස්තුතියි.

      Delete
    2. welawak labunoth eka tut ekak haraha kiyala dennam

      Delete