මම නම් මේ පළමුවෙනි වතාවට දැක්කෙ. මේවා දැකගන්න පුළුවන්ලු අයිස් කඳුවල එක එක සයිස් වලින්. ඒ වගේම කියනවා මේවා වැඩිපුරම දැකගන්න පුළුවන් චිලීවල අන්දීස් කඳුවැටියෙ බෑවුම වැඩි ප්‍රදේශවල කියලා. ඒ ප්‍රදේශයේ වායුගෝලය ඉතාමත්ම වියළි ස්වභාවයක් උසුලන නිසා අයිස් දියවෙනවාලු ද්‍රව අවස්ථාව පසුකරන්නේ නැතිව. එහෙම වෙනකොට නිර්මාණය වෙන දෙයක් විදියට තමයි මේක සලකන්නෙ.
අන්තර්ජාලයෙනි.
හරි අමුතුයි
ReplyDeleteඒක තමයි.
Deleteබොහොම ස්තුතියි ඇවිත් කමෙන්ට් එකක් දාල ගියාට.
ලස්සනයි..මාරම ලස්සනයි ඒව නම්....
ReplyDeleteඔයා මේවා දැකලා නැද්ද වින්චැට් කිරිල්ලි? ඔයා ඉන්න පැත්තෙ නම් නැතුව ඇතියි කියලයි මට හිතෙන්නෙ ඔයාගෙ කමෙන්ට් එක කියෙව්වම.
Deleteමට මේක කියවද්දි මතක් වුනේ අපේ ඉස්කෝලේ විද්‍යා ප්‍රදර්ශනේට ඉදිරිපත් කරන්න අපි කරපු පරීක්ෂණයක් පරීක්ෂනේ අසාර්ථක වුනත් මේ වගේම නිර්මාණ කෘතිමව කරන හැටි ඉගෙන ගත්තා කවදක හරි ආයෙම අත්හදා බලන්න හිතෙනවා....
ReplyDelete<a href="http://www.youtube.com/watch?v=aC-KOYQsIvU'>මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ යූ ටියුබ් වීඩියෝ එක පිස්සු හැදෙනවා</a>
අනිවාර්යෙන් බලන්න හොඳේ තාම මට මේකේ විද්‍යාත්මක පසුබිම හොයාගන්න බැරිවුනා
හුටා.....
Deleteමේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ යූ ටියුබ් වීඩියෝ එක පිස්සු හැදෙනවා
දැන්වත් හරිද බලමු
මම ලින්ක් එකෙන් ගිහින් බැලුවා. හරිම පුදුම හිතුනා. එතැනත් අර ඇඟිල්ල තිබ්බාම වෙන උෂ්ණත්ව වෙනසත් එක්ක ඇතිවෙන ප්‍රතික්‍රියාවක් නේද වෙනවා වගේ හිතෙන්නෙ. සෝඩියම් ඇසිටේට් ටිකක් අරගෙන කරන්න බැලුවෙ නැද්ද? :D
Deleteඅමුතු ස්වභාවික නිර්මාණයක්.ඔයා ඉතින් ගෙනාවොත් ගේන්නේ අලුත්ම දෙයක්නේ ස්තුතියි අක්කා......
ReplyDeleteමමත් දැක්කෙ අහම්බෙන්. ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. බොහොම ස්තුතියි ඔයාටත්.
Deleteනියමයි.. සමහර දාට ගෙවල් වල වහලෙත් තියෙනවා මේ විදිහට හැබැයි ඒ උඩ ඉදන් පහලට.. මේ වගේ නෙමෙයි..
ReplyDeleteතවම හිම සම්බන්ධ අත්දැකීමක් නැති නිසා ඔයා කියපු දේ මාත් දැකලා තියෙනවා පින්තූර වලින්. ඒත් මේක දැක්කෙ පළමුවතාවට. මීට කලින් අහලවත් තිබුණෙ නෑ.
Deleteමාරයි...ස්වභාව ධර්මය කොච්චර අපූරු නිර්මාණ කරනවද...
ReplyDeleteඒක තමයි. හරිම පුදුම හිතෙනව නේද? අපි නොදන්න, නොදැකපු ඒවත් තව මොනතරම් ඇත්ද.
Deleteඔන්න අද සිට මගේ බ්ලොග් රෝලටත් දාගත්තා...
ReplyDeleteස්තුතියි සෑම්.
Deleteමාරයිනේ...
ReplyDeleteඒකනෙ කියන්නෙ.
Delete