Saturday, 24 December 2011
Friday, 16 December 2011
ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි සෙබස්තියන්
Tuesday, 13 December 2011
Machu Picchu, Peru..........
ඉන්කාවරුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන මේ කන්ද පිහිටලා තියෙන්නෙ මුහුදු මට්ටමින් අඩි 7000කට වඩා උසින් අන්දීස් කඳු වැටියත් Urabamba Valley කියන ස්ථානයත් අතර වර්ග සැතපුම් 5ක් පමණ ප්‍රදෙශයක.
Sunday, 11 December 2011
Hollywood.......
කැලිෆෝනියාවෙ ලොස් ඇන්ජලීස් නුවර තියෙන කැපී පෙනෙන සළකුනක් විදියට පෙන්වන්න පුළුවන් දෙයක් තමයි මේ හොලිවුඩ් සළකුන. අද වෙනකොට ලෝකෙ බොහෝ දෙනෙකුට මේක දැක්ක ගමන් අඳුනගන්න පුළුවන්. ඒ උනාට 1923දී මේ අකුරු ටික නිකම්ම නිකම් වෙළඳ දැන්වීමක් විතරයි කියල ඔබ දන්නවද?
Sunday, 4 December 2011
අහන්න ආස සිංදුවක් (4)......
මං හරිම ආසයි ප්‍රියා සූරියසේනගෙ මේ සිංදුව රෑට නිදාගන්න ඉස්සරවෙලා අහන්න. අපි විවාහ උනු අළුත, අළුත් ගේ හදාගෙන යද්දි මගේ නංගිගෙ වෙන්න මහත්තයා එනවා අපේ ගෙදර හවසට. මිනිහා හොඳ ගායකයා. දවසක් එයා ගිටාර් එකකුත් අරගෙන ආවා. එයාගෙ නම නලින් කියමු. නලින් හරිම ආසයි කිරි කොස් කන්න. අපේ ගෙවල්වලට ළඟ හන්දියේ ඕනම කාලෙක තියෙනවා කොස් විකුණන්න. කොහෙන් ගෙනවද මන්දා. කොස් මදුළුද, මැල්ලුමට කපපුවාද, පොළොස්ද...ඔය ඕන දෙයක්...
Thursday, 1 December 2011
මේ අමුද්‍රව්‍ය දත් බෙහෙත්වල අඩංගු බව ඔබ දන්නවාද......?
ඉපැරණි ග්‍රීක ජාතිකයින් සොයාගත්තට පස්සෙ ඉඳලා නොයෙකුත් දත් බෙහෙත් වර්ග ලෝකෙ හැමතැනම කැරකි කැරකි තිබුණට පළමුවෙනි ලෝක යුද්ධය වෙනකම්ම මේක එච්චර ජනප්‍රිය වෙලා නෑ. ඒ උනාට දිලිසෙන දත් දෙපෙලක් ලබාදෙන බවට ගැරන්ටියකුත් එක්ක කොම්පැනි වලින් දත් බෙහෙත් නිෂ්පාදනය කරන්නට පටන් ගත්තු ගමන්ම මිනිස්සු මේවා මිළදී ගන්න පටන් ගත්තා. ඒ නිසා පළවෙනි ලෝක යුද්ධය ඉවර උනු ගමන්ම දත් බෙහෙත් කියන දේ මිනිස්සුන්ට නැතිවම බැරි දෙයක් බවට පත් උනා...
Tuesday, 29 November 2011
Sunday, 27 November 2011
අහන්න ආස සිංදුවක් (3).......
නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්.......
Friday, 25 November 2011
Wednesday, 23 November 2011
අහන්න ආස සිංදුවක් (2)....
මම ගොඩක් ආසයි මයිකල් ජැක්සන්ගෙ සිංදුවලටත් එයාගෙ ඩාන්ස්වලටත්. පොඩි කාලෙ කටත් ඇරන් බලන් හිටියෙ මූන් වෝක් කරන දිහා, ටෝ ස්ටෑන්ඩිං, ස්පිනිං දිහා හෙම. පුංචි කාලෙ මූන් වෝක් කරන්න ගිහින් කකුළත් උළුක්කරගත්ත මතකයි. පසුකාලෙක ඒ මනුස්සයට මුහුණ දෙන්නට සිදුවෙච්චි අවනඩුවල ඇතුලාන්තය දිහා බලනකොට මොනතරම් සාර්ථක මිනිහෙක් උනත් කොයි තරම් මානසික ආතතියකින් ජීවත් වෙන්න ඇතිද කියලා හිතෙනවා. ඒ වගේම ජැක්සන්ට තිබුනු ලෙඩ රෝග දිහා බලනකොට ඇති මේ වගේ ඩාන්සිං කළා කියල හිතෙනවා.
Tuesday, 22 November 2011
ඔබ හිට්ලර් විසින් නිර්මාණය කළ චිත්‍ර දැක තිබෙනවාද....?
ඇඩොල්ෆ් හිට්ලර්, තම ජීවිත කාලය තුල චිත්‍ර ඇඳීමට සෑහෙන ප්‍රියතාවයක් දැක්වූ පුද්ගලයෙකු ලෙසිනුයි සැලකෙන්නෙ. ඔහු වියෙනාවල නැවතිලා සිටි කාලය ඇතුලත මෙවැනි චිත්‍ර සහ පෝස්ට් කාඩ් දහස් ගණනක් විකුණන්නට ඇතැයි සැලකෙනවා. ඉන් සමහරක් අදත් ඒ ගැණුම්කරුවන් විසින් ප්‍රදර්ශනය කරනවා. ඒ උනාට හිට්ලර් කවදාවත් තමා චිත්‍ර ශිල්පියෙක් බව ප්‍රකාශ කරල නැහැ. කුමන ශෛලියක චිත්‍ර අඳින්නට ඉගෙන ගත්තත් අවසානයේදී ඔහු තමාගෙම ශෛලියකට චිත්‍ර ඇඳි බවක් කියැවෙනවා.
Monday, 21 November 2011
ලෝකයේ විශාලතම අත...........
මේ අතේ අයිතිකාරයා ඉන්නෙ චීනයේ. නම Lui Hua. මේ දුර්ලභ තත්ත්වය හඳුන්වන්නෙ macrodactyly කියලා. මේ අත විශාල වැඩිකමටම 2007 ජූලි මාසයේ දිනයකදි අපේ යාළුවා ෂැංහයි වලදි රෝහල්ගත කරලා අතේ විශාලත්වය අඩු කිරීමේ සැත්කමක් සඳහා. ඒ වෙනකොට එයාගෙ වම් අතේ මහපට ඇඟිල්ල අඟල් 10.2ක් දිගයි. දෙවෙනි ඇඟිල්ල අඟල් 12කට ආසන්නයි. මැදඟිල්ලත් විශාලයි. මෙයා ඉපදිලා තියෙන්නෙ මේ අසාමාන්‍යතාවයත් එක්කමයි. කාලයත් එක්ක තවත් විශාල වෙලා. මේ ඇඟිලිවලයි අතේයි ප්‍රමාණය අඩු කරන සැත්කම සඳහා වෛද්‍යවරුන්ට පැය හතක කාලයක් ගතවෙලා තියෙනවා. මේ කාර්යයේදි රාත්තල් 11ක් බර ඇටකටු ඇතුළු ශරීර කොටසක් ඉවත් කරලා. මාස 6කට පසුව තවත් දෙවෙනි සැත්කමකුත් කරන්නට නියමිතයි. වෛද්‍යවරු කියන විදියට ඊළඟ සැත්කමේදි එයාගෙ වම් අතේ උරහිසෙත් යම් යම් වෙනස්කම් කරන්නට සිදුවෙනවා. පළමු සැත්කමෙන් පසුව ඉතිරි උනේ මහපටැඟිල්ලයි, මුදු ඇඟිල්ලයි, සුළැඟිල්ලයි විතරයි.
මේ විස්තර කියවනකොට මට හිතුනෙ මේ මනුස්සයා අත් තඩියත් එක්ක මොනතරම් දුකක් විඳින්න ඇතිද කියලයි.
Friday, 18 November 2011
අහන්න ආස සිංදුවක්....
මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....


Subscribe to:
Posts (Atom)







