මේ සින්දුව සෑහෙන පරණ එකක්. ඒත් මේක මම අදටත් රස විඳින ගීයක්. කවදාවත් බෝරිං වුනේ නැහැ. බලන්නකෝ ඔබටත් රස විඳින්න පුළුවන් වෙයිද කියලා. නියම යාළුවෙකුයි, උපදෙස් ටිකකුයි :D. ඔන්න මම සින්දුවේ වචන ටිකත් පහතින් දැම්මා.
Showing posts with label English. Show all posts
Showing posts with label English. Show all posts
Friday, 2 March 2012
Friday, 24 February 2012
Brokeback Mountain; The Movie
මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක විතරයි. ඒ නිසා මේක මම බැලුවෙ තනිවම, විචාරකයෙක්වත් අදහස් හුවමාරු කරගන්න කෙනෙක්වත් නැතුව. ඒ නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේවත් මේ ගැන ලියලා බලන්න ඕන කියලා. කවුරු හරි මේක නැරඹූ කෙනෙක් ඉන්නවා නම් මට දැනුනු දේ එයාලටත් දැනුනද කියල බලන්න. එහෙම නැත්නම් වෙනස් විදියකට දැනුනද කියල බලන්න.
Thursday, 16 February 2012
INXS - Never Tear Us Apart........
මේ සින්දුව ඕස්ට්‍රේලියානු රොක් සංගීත් කණ්ඩායමක් වන INXS විසින් 1988 අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද්දක්. මේ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා Michael Hutchence. ඔහු මොනතරම් දක්ෂ, ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගෙ ජීවිතය එකම ඛේදවාචකයක්. මේ ගීතයේ මුලින්ම රචනා කරල තියෙන්නෙ සංගීතය. Andrew Farriss තමන් රචනා කළ සංගීතය ඩිමෝ එකක් විදියට පටිගත කරලා මයිකල්ට භාරදීලා තියෙනවා. අන්තිමේදි මයිකල් අතින් තමයි මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ. ඒ කාලයේ මයිකල්ගෙ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දිහා බලනකොට හොඳට පේනවා එයා මේ සින්දුව ලියල තියෙන්නෙ තමන්ගෙ හදවතින්මයි කියලා.
Saturday, 28 January 2012
Saturday, 24 December 2011
Friday, 16 December 2011
ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි සෙබස්තියන්
Wednesday, 23 November 2011
අහන්න ආස සිංදුවක් (2)....
මම ගොඩක් ආසයි මයිකල් ජැක්සන්ගෙ සිංදුවලටත් එයාගෙ ඩාන්ස්වලටත්. පොඩි කාලෙ කටත් ඇරන් බලන් හිටියෙ මූන් වෝක් කරන දිහා, ටෝ ස්ටෑන්ඩිං, ස්පිනිං දිහා හෙම. පුංචි කාලෙ මූන් වෝක් කරන්න ගිහින් කකුළත් උළුක්කරගත්ත මතකයි. පසුකාලෙක ඒ මනුස්සයට මුහුණ දෙන්නට සිදුවෙච්චි අවනඩුවල ඇතුලාන්තය දිහා බලනකොට මොනතරම් සාර්ථක මිනිහෙක් උනත් කොයි තරම් මානසික ආතතියකින් ජීවත් වෙන්න ඇතිද කියලා හිතෙනවා. ඒ වගේම ජැක්සන්ට තිබුනු ලෙඩ රෝග දිහා බලනකොට ඇති මේ වගේ ඩාන්සිං කළා කියල හිතෙනවා.
Subscribe to:
Posts (Atom)



