Showing posts with label මතක. Show all posts
Showing posts with label මතක. Show all posts
Friday, 24 February 2012
Brokeback Mountain; The Movie
මේ චිත්‍රපටිය ටිකක් පරණ නැත්නම් 2005 වසරෙදි නිකුත් වූවක් වුවත් මට කවදාවත් එය නැරඹීමට නොහිතුනේ එහි තේමාව මට ගෝචර වූවක් නොවන නිසයි. ඒත් මට අහම්බෙන් මේක නැරඹීමේ අවස්ථාව ලැබුනා පසුගිය සතියෙ. මම මොනතරම් මගේ මහත්තයාව මේක බලන්න සහභාගි කරවගන්න හැදුවත් මට ලැබුනු උත්තරේ වුනේ 'අනේ ඔය $%^&*....' කියන එක විතරයි. ඒ නිසා මේක මම බැලුවෙ තනිවම, විචාරකයෙක්වත් අදහස් හුවමාරු කරගන්න කෙනෙක්වත් නැතුව. ඒ නිසා මට හිතුනා මගේ බ්ලොග් එකේවත් මේ ගැන ලියලා බලන්න ඕන කියලා. කවුරු හරි මේක නැරඹූ කෙනෙක් ඉන්නවා නම් මට දැනුනු දේ එයාලටත් දැනුනද කියල බලන්න. එහෙම නැත්නම් වෙනස් විදියකට දැනුනද කියල බලන්න.
Wednesday, 18 January 2012
ගෙවල් දෙකක වෙනස....
පසුගිය කාර්ය බහුල දිනවලම යම් යම් අවශ්‍යතා සඳහා මට මගේ යෙහෙළියන් දෙදෙනෙකුගේ නිවෙස්වලට යන්නට සිදු වුණා. ඒ එක් නිවෙසක් මට සුපුරුදු ස්ථානයක්. නමුත් අනිත් යෙහෙළියගේ නිවෙසට මම ගියේ පළමු වතාවට. ඇත්තටම මට ලොකු වෙනසක් දැනුනා. ඒ දැනුනු දේ නිසා මේක ඔයාලටත් කියලා ඔයාලගෙ අදහසුත් දැනගන්න බ්ලොග් එකට ලියනවා කියලයි එදාම හිතාගත්තෙ.
Sunday, 4 December 2011
අහන්න ආස සිංදුවක් (4)......
මං හරිම ආසයි ප්‍රියා සූරියසේනගෙ මේ සිංදුව රෑට නිදාගන්න ඉස්සරවෙලා අහන්න. අපි විවාහ උනු අළුත, අළුත් ගේ හදාගෙන යද්දි මගේ නංගිගෙ වෙන්න මහත්තයා එනවා අපේ ගෙදර හවසට. මිනිහා හොඳ ගායකයා. දවසක් එයා ගිටාර් එකකුත් අරගෙන ආවා. එයාගෙ නම නලින් කියමු. නලින් හරිම ආසයි කිරි කොස් කන්න. අපේ ගෙවල්වලට ළඟ හන්දියේ ඕනම කාලෙක තියෙනවා කොස් විකුණන්න. කොහෙන් ගෙනවද මන්දා. කොස් මදුළුද, මැල්ලුමට කපපුවාද, පොළොස්ද...ඔය ඕන දෙයක්...
Thursday, 17 November 2011
උණු වතුර සහ පුංචි දරුවෝ...
උණු වතුරයි, පොඩි දරුවොයි එකතැන තියන්න එපා කියල කියනවනෙ. එකතැන නොතිව්වට සමහර වෙලාවට වැඩිහිටියන්ගෙ අපරීක්ෂාකාරීකම නිසා සිදු වෙන අනතුරු ගැන අපි අහල තියෙනවා. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතන්දර දෙකක්.
Subscribe to:
Posts (Atom)

