මේ සින්දුව සෑහෙන පරණ එකක්. ඒත් මේක මම අදටත් රස විඳින ගීයක්. කවදාවත් බෝරිං වුනේ නැහැ. බලන්නකෝ ඔබටත් රස විඳින්න පුළුවන් වෙයිද කියලා. නියම යාළුවෙකුයි, උපදෙස් ටිකකුයි :D. ඔන්න මම සින්දුවේ වචන ටිකත් පහතින් දැම්මා.
Showing posts with label සිංදු. Show all posts
Showing posts with label සිංදු. Show all posts
Friday, 2 March 2012
Thursday, 16 February 2012
INXS - Never Tear Us Apart........
මේ සින්දුව ඕස්ට්‍රේලියානු රොක් සංගීත් කණ්ඩායමක් වන INXS විසින් 1988 අගෝස්තු මාසයේදි නිකුත් කරන ලද්දක්. මේ කණ්ඩායමේ ප්‍රධාන ගායකයා Michael Hutchence. ඔහු මොනතරම් දක්ෂ, ජනප්‍රිය ගායකයෙකු වුවත් ඔහුගෙ ජීවිතය එකම ඛේදවාචකයක්. මේ ගීතයේ මුලින්ම රචනා කරල තියෙන්නෙ සංගීතය. Andrew Farriss තමන් රචනා කළ සංගීතය ඩිමෝ එකක් විදියට පටිගත කරලා මයිකල්ට භාරදීලා තියෙනවා. අන්තිමේදි මයිකල් අතින් තමයි මේ සංවේදී ගීතය ලියැවිලා තියෙන්නෙ. ඒ කාලයේ මයිකල්ගෙ පෞද්ගලික ජීවිතයේ සිදුවීම් දිහා බලනකොට හොඳට පේනවා එයා මේ සින්දුව ලියල තියෙන්නෙ තමන්ගෙ හදවතින්මයි කියලා.
Saturday, 28 January 2012
Saturday, 24 December 2011
Friday, 16 December 2011
ලංකාවට නෑකම් කියන ජාත්‍යන්තර ගායකයා - ගයි සෙබස්තියන්
Sunday, 4 December 2011
අහන්න ආස සිංදුවක් (4)......
මං හරිම ආසයි ප්‍රියා සූරියසේනගෙ මේ සිංදුව රෑට නිදාගන්න ඉස්සරවෙලා අහන්න. අපි විවාහ උනු අළුත, අළුත් ගේ හදාගෙන යද්දි මගේ නංගිගෙ වෙන්න මහත්තයා එනවා අපේ ගෙදර හවසට. මිනිහා හොඳ ගායකයා. දවසක් එයා ගිටාර් එකකුත් අරගෙන ආවා. එයාගෙ නම නලින් කියමු. නලින් හරිම ආසයි කිරි කොස් කන්න. අපේ ගෙවල්වලට ළඟ හන්දියේ ඕනම කාලෙක තියෙනවා කොස් විකුණන්න. කොහෙන් ගෙනවද මන්දා. කොස් මදුළුද, මැල්ලුමට කපපුවාද, පොළොස්ද...ඔය ඕන දෙයක්...
Sunday, 27 November 2011
අහන්න ආස සිංදුවක් (3).......
නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්.......
Wednesday, 23 November 2011
අහන්න ආස සිංදුවක් (2)....
මම ගොඩක් ආසයි මයිකල් ජැක්සන්ගෙ සිංදුවලටත් එයාගෙ ඩාන්ස්වලටත්. පොඩි කාලෙ කටත් ඇරන් බලන් හිටියෙ මූන් වෝක් කරන දිහා, ටෝ ස්ටෑන්ඩිං, ස්පිනිං දිහා හෙම. පුංචි කාලෙ මූන් වෝක් කරන්න ගිහින් කකුළත් උළුක්කරගත්ත මතකයි. පසුකාලෙක ඒ මනුස්සයට මුහුණ දෙන්නට සිදුවෙච්චි අවනඩුවල ඇතුලාන්තය දිහා බලනකොට මොනතරම් සාර්ථක මිනිහෙක් උනත් කොයි තරම් මානසික ආතතියකින් ජීවත් වෙන්න ඇතිද කියලා හිතෙනවා. ඒ වගේම ජැක්සන්ට තිබුනු ලෙඩ රෝග දිහා බලනකොට ඇති මේ වගේ ඩාන්සිං කළා කියල හිතෙනවා.
Friday, 18 November 2011
අහන්න ආස සිංදුවක්....
මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....


Subscribe to:
Posts (Atom)



