Tuesday 29 November 2011

Make-up විස්මය...!!

මම අද මොනවාවත් කියන්නෙ නෑ.... ඔබම බලලා තීරණය කරන්න......

Sunday 27 November 2011

අහන්න ආස සිංදුවක් (3).......

නිරෝෂා විරාජිනීගෙ සිංදු අතරින් දිවුල්ගනේ එක්ක කියන මේ සිංදුවට මං හරිම ආසයි. මේක මුලින්ම ඇහුවෙ දැනට අවුරුදු ගණනකට කලින් සීගිරිය ඉස්සරහ තිබුණ සජීවී රූපවාහිනී සංගීත ප්‍රසංගයකදි. එදා ඉඳන් අද වෙනකම් එක වගේම ආස සිංදුවක්....... 

Friday 25 November 2011

අවස්ථාවක් ලැබුනොත් ඔබ මේ ටොයිලට් එක පාවිච්චි කරනවද?

මේක මේ ස්විට්සර්ලන්තයෙ තියෙන මහජන වැසිකිළියක්. පළවෙනි පින්තූරෙ තියෙන්නෙ ඒක පිටින් පේන විදිය.


Wednesday 23 November 2011

අහන්න ආස සිංදුවක් (2)....



මම ගොඩක් ආසයි මයිකල් ජැක්සන්ගෙ සිංදුවලටත් එයාගෙ ඩාන්ස්වලටත්. පොඩි කාලෙ කටත් ඇරන් බලන් හිටියෙ මූන් වෝක් කරන දිහා, ටෝ ස්ටෑන්ඩිං, ස්පිනිං දිහා හෙම. පුංචි කාලෙ මූන් වෝක් කරන්න ගිහින් කකුළත් උළුක්කරගත්ත මතකයි. පසුකාලෙක ඒ මනුස්සයට මුහුණ දෙන්නට සිදුවෙච්චි අවනඩුවල ඇතුලාන්තය දිහා බලනකොට මොනතරම් සාර්ථක මිනිහෙක් උනත් කොයි තරම් මානසික ආතතියකින් ජීවත් වෙන්න ඇතිද කියලා හිතෙනවා. ඒ වගේම ජැක්සන්ට තිබුනු ලෙඩ රෝග දිහා බලනකොට ඇති මේ වගේ ඩාන්සිං කළා කියල හිතෙනවා.
 

Tuesday 22 November 2011

ඔබ හිට්ලර් විසින් නිර්මාණය කළ චිත්‍ර දැක තිබෙනවාද....?

ඇඩොල්ෆ් හිට්ලර්, තම ජීවිත කාලය තුල චිත්‍ර ඇඳීමට සෑහෙන ප්‍රියතාවයක් දැක්වූ පුද්ගලයෙකු ලෙසිනුයි සැලකෙන්නෙ. ඔහු වියෙනාවල නැවතිලා සිටි කාලය ඇතුලත මෙවැනි චිත්‍ර සහ පෝස්ට් කාඩ් දහස් ගණනක් විකුණන්නට ඇතැයි සැලකෙනවා. ඉන් සමහරක් අදත් ඒ ගැණුම්කරුවන් විසින් ප්‍රදර්ශනය කරනවා. ඒ උනාට හිට්ලර් කවදාවත් තමා චිත්‍ර ශිල්පියෙක් බව ප්‍රකාශ කරල නැහැ.  කුමන ශෛලියක චිත්‍ර අඳින්නට ඉගෙන ගත්තත් අවසානයේදී ඔහු තමාගෙම ශෛලියකට චිත්‍ර ඇඳි බවක් කියැවෙනවා.

Monday 21 November 2011

ලෝකයේ විශාලතම අත...........


මේ අතේ අයිතිකාරයා ඉන්නෙ චීනයේ. නම Lui Hua. මේ දුර්ලභ තත්ත්වය හඳුන්වන්නෙ macrodactyly කියලා. මේ අත විශාල වැඩිකමටම 2007 ජූලි මාසයේ දිනයකදි අපේ යාළුවා ෂැංහයි වලදි රෝහල්ගත කරලා අතේ විශාලත්වය අඩු කිරීමේ සැත්කමක් සඳහා. ඒ වෙනකොට එයාගෙ වම් අතේ මහපට ඇඟිල්ල අඟල් 10.2ක් දිගයි.  දෙවෙනි ඇඟිල්ල අඟල් 12කට ආසන්නයි. මැදඟිල්ලත් විශාලයි. මෙයා ඉපදිලා තියෙන්නෙ මේ අසාමාන්‍යතාවයත් එක්කමයි. කාලයත් එක්ක තවත් විශාල වෙලා. මේ ඇඟිලිවලයි අතේයි ප්‍රමාණය අඩු කරන සැත්කම සඳහා වෛද්‍යවරුන්ට පැය හතක කාලයක් ගතවෙලා තියෙනවා. මේ කාර්යයේදි රාත්තල් 11ක් බර ඇටකටු ඇතුළු ශරීර කොටසක් ඉවත් කරලා. මාස 6කට පසුව තවත් දෙවෙනි සැත්කමකුත් කරන්නට නියමිතයි.  වෛද්‍යවරු කියන විදියට ඊළඟ සැත්කමේදි එයාගෙ වම් අතේ උරහිසෙත් යම් යම් වෙනස්කම් කරන්නට සිදුවෙනවා. පළමු සැත්කමෙන් පසුව ඉතිරි උනේ මහපටැඟිල්ලයි, මුදු ඇඟිල්ලයි, සුළැඟිල්ලයි විතරයි.
මේ විස්තර  කියවනකොට මට හිතුනෙ මේ මනුස්සයා අත් තඩියත් එක්ක මොනතරම් දුකක් විඳින්න ඇතිද කියලයි.

Friday 18 November 2011

අහන්න ආස සිංදුවක්....

මම මේ සිංදුව ඉස්සරවෙලාම ඇහුවෙ විෂුවල් එකකුත් එක්ක රූපවාහිනියෙ යනකොට. පළමුවෙනි පාර අහනකොටම හුඟක් ආස හිතුනා. මෑත කාලෙ නිකුත් වුනු සිංදු අතරෙ ගොඩක් ලස්සන සිංදුවක්. මේ ගායකයාගෙම 'ඉමාන්' කියල අළුත් ඩීවීඩී එකක් නිකුත් උනා කියල මතකයි. ඒකෙත් ගොඩක් ලස්සන සිංදු වගයක් තිබුණා. බලන්න ඔයාලත් කැමතිද කියලා....





Thursday 17 November 2011

උණු වතුර සහ පුංචි දරුවෝ...


උණු වතුරයි, පොඩි දරුවොයි එකතැන තියන්න එපා කියල කියනවනෙ. එකතැන නොතිව්වට සමහර වෙලාවට වැඩිහිටියන්ගෙ අපරීක්ෂාකාරීකම නිසා සිදු වෙන අනතුරු ගැන අපි අහල තියෙනවා. අද මම කියන්න යන්නෙ ඒ වගේ කතන්දර දෙකක්.

Monday 14 November 2011

මේ බඩ ඉරිඟු වර්ග කාල තියෙනවද....?


මං බඩ ඉරිඟු කන්න හරිම ආසයි.කොහේ හරි ඇවිදින්න ගියාම දැක්කොත් ගන්නවාමයි. ඒ උනාට මං මෙච්චර කාලයක් දැනගෙන හිටියෙ නෑ මේ වගේ බඩ ඉරිඟු වර්ග හතක් තියෙනවා කියලා.විශේෂයෙන්ම මේ පාට පාට ඒවා. ඔන්න බලන්නකො ඔයාලත් කලින් කාල දැකල තියෙනවද කියල මේවා...

Sunday 13 November 2011

පිළිකාවක් බවට සැක කොට නිරෝගී අයෙකුට සැත්කමක් කර අවයව ඉවත් කරලා.....


මේක සිද්ද වෙලා තියෙන්නෙ ඕස්ට්රේලියාවෙ නිව් සවුත්වේල්ස්වල.

මේ වයස අවුරුදු 59ක් වෙන පිරිමි කෙනාගෙ ආමාශයෙන් 80%ක් ඉවත් කරලා කිමෝතෙරපි වට හතකුත් ගියාට පස්සෙ තමයි අය ලෙඩාට කියල තියෙන්නෙ එයාට පිළිකාවක් නෑ කියලා. මේ ශල්යකර්මයට කියනව කියන්නෙ  gastrectomy කියලාලු. ඒකෙ ප්රතිඵලයක් විදියට දැන් මනුස්සයට වාඩිවෙලා කෑම කන්න බැරි තත්ත්වයකුත්, anxiety  හා  depression කියන මානසික රෝගී තත්ත්වයන්ද ඇතිවෙලා. දැන් එයා වන්දි ඉල්ලලා නඩුවක් පවරලා.

අපට හමුවෙන මිනිස්සු....



එදිනෙදා ජීවිතයෙදි අපට මුණගැහෙනවා විවිධාකාර මිනිස්සු. එයින් සමහරක් අපේ පවුල්වලම සාමාජිකයො. සමහරු යාළුවො, තව සමහරු තරහකාරයො, තරඟකාරයො.... වැඩි දෙනෙක් නන්නාඳුනන අය... මේ අයත් එක්ක සමාජයේ ගනුදෙනු කරනකොට එයාලගෙන් අපටත්, අපෙන් එයාලටත් හොඳ දේවල් වගේම නරක දේවලුත් සිද්ද වෙනවා. ඒත් පස්සෙ කාලෙකදි ආපස්සට මතක් කරල බලනකොට අපට වැඩිහරියක් මතක තියෙන්නෙ අනිත් මිනිසුන් විසින් අපට කරපු අවැඩමයි.

Saturday 12 November 2011

ඔබටත් මටත් මේ මුලු ලෝකයටම එක සේ ආදරය කරන්න පුලුවන් නම්.....



What the world needs now is love, sweet love
It's the only thing that there's just too little of
What the world needs now is love, sweet love,
No not just for some but for everyone....”



ප.ලි. Testing post

මං ගැන...



මං ගැන කෙටි හැඳින්වීමක් කරනව නම් මං මියුසික් පිස්සියෙක්... එකක් කියල නෑ.. රස විඳින්න පුලුවන් නම් කණට ඇහෙන ඕනම සින්දුවකට මං ආසයි...
ගොඩක් අය වගේ අනිත් අයගෙ බ්ලොග් කියවනකොට මටත් හිතුන එකක් පටන් ගන්න... මගේ මතකයන් ඔයාලත් එක්ක බෙදාගන්න... මතකයන්ම විතරක් නෙවෙයි... මං ඇහු දුටු දේවල්... මට මුන ගැහුනු මිනිස්සු... ලෝකෙ රටේ වෙන දේවල් ගැන... අපි කතා කරමු...
කට්ටිය මාවත් බලන්න එයි කියල හිතනවා... මාව බලන්න එන ඔක්කොමලව ආදරයෙන් පිලිගන්නවා... එන නො එන හැමෝගෙම බ්ලොග්වලට මාත් එනවා...
ඉතින් ඔන්න එහෙනම් මමත් අද ඉඳලා මේ මහා බ්ලොග් අවකාශයේ සාමාජිකයෙක්....